Ticker

6/recent/ticker-posts

Header Ads Widget

තවත් කොවිඩ් ආසාදිතයන් 495ක් හඳුනා ගැනේ - 491ක් සුවය ලබයි

අද(19) දිනය තුළ මෙරටින් තවත් කොවිඩ් ආසාදිතයන් 495ක් හඳුනාගත් බව යුධ හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
 
ඔවුන් සියලු දෙනා පෑලියගොඩ කොවිඞ් පොකුරේ ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් වේ.
 
මේ අනුව දිවුලපිටිය – පෑලියගොඩ පොකුර 32,875 දක්වා ඉහළ යන අතර ශ්‍රී ලංකාවේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 36,544 ක් බවට පත්වේ.
 
දැනට මෙරට රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබමින් සිටින ආසාදිතයන් සංඛ්‍යාව 8,827 කි.
 
මේ අතර මෙරට කොවිඩ් ආසාදිතයන් අතුරින් තවත් 491 දෙනෙකු සුවය ලබා තිඛේ. ඒ අනුව සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 27,552 දක්වා ඉහළ යනු ඇත.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();