Ticker

6/recent/ticker-posts

Header Ads Widget

බන්ධනාගාරයේ සිටින හිටපු කොටි සාමාජික පිල්ලෙයාන්ට ආගමික උත්සවවලට යන්න අවසර දෙයි


දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ට ආගමික උත්සව සඳහා සහභාගී වීමට අවසරය හිමිව තිබේ.

ඒ අනුව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ අවසරය මත ඔහු කෝවිලක පැවති උත්සවයකට සහභාගී වී ඇත.

එමෙන්ම පසුගියදා මඩකළපු දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම සඳහා ද ඔහු සහභාගී විය.

ඔහු පාර්ලිමේන්තු මැතිවරණය ජය ගන්නා ලද්දේ ද රක්ෂිත බන්ධනාගාර ගතව සිටියදීමය.

ඔහුට පාර්ලිමේන්තු රැස්වීම් සහ වලට සහභාගි වීමටද අවසර හිමිව තිබේ.

හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජෝෂප් පරරාජසිංහම් ඝාතනය සම්බන්ධයෙන් චෝදනා එල්ල වීම මත ඔහු රක්‍ෂිත බන්ධනාගාරගතව සිටී.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();