Ticker

6/recent/ticker-posts

Header Ads Widget

අරලියගහ මන්දිරය ලොක් ඩවුන් කළ පුවත ගැන නිවේදනයක්

අග්‍රාමාත්‍ය කාර්යාලය හෝ අරලියගහ මන්දිරයේ සේවය කරනු ලබන කිසිදු නිලධාරියෙකුට කොවිඩ්-19 රෝගය වැළඳී නොමැති බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කරයි.
 
කොවිඩ් තත්ත්වය හේතුවෙන් අරලියගහ මන්දිරය තාවකාලිකව වසා දමා ඇති බවට පුවත්පතක පළ වී තිබු ප්‍රවෘත්තියේ කිසිදු සත්‍යතාවයක් නොමැති බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම්, රොහාන් වැලිවිට මහතා පවසයි.
 
කොවිඩ් -19 තත්ත්වය හමුවේ රජය හා සෞඛ්‍ය අංශවලින් නිකුත් කර ඇති උපදෙස්වලට අනුකූලව අග්‍රාමාත්‍ය කාර්යාලය මෙන්ම, අරලියගහ මන්දිරයේ දෛනික රාජකාරී කටයුතු කිසිදු බාධාවකින් තොරව නිසි සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් පවත්වාගෙන යනු ලබන බවද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.
 
අග්‍රාමාත්‍ය කාර්යාලය හා අරලියගහ මන්දිරයේ රාජකාරී කටයුතු සඳහා කැඳවා ඇත්තේ අත්‍යාවශ්‍ය නිලධාරීන් පිරිසක් පමණක් බව ද එම නිවේදනයේ සඳහන්ය.
 
බැසිල් රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන් ‍පවත්වාගෙන යනු ලබන කාර්ය සාධක බලකායේ කටයුතු ද කිසිදු බාධාවකින් තොරව අරලියගහ මන්දිරය පරිශ්‍රයේ සිට පවත්වාගෙන යනු ලබන බවත්, කොවිඩ් ආසාදිත පුද්ගලයින් හමුවී ඇත්තේ අග්‍රාමාත්‍ය ආරක්ෂක අංශයට අනුබද්ධිත බාහිර ඒකකයෙන් බවත් එම නිවේදනයේ දැක්වේ.
 
අග්‍රාමාත්‍ය කාර්යාලය හා අරලියගහ මන්දිරය තුළ රාජකාරියේ නියුතු ආරක්ෂක අංශ නිලධාරීන් පෙර පරිදි රාජකාරී කටයුතුවල නියැළී සිටින බව ද අග්‍රාමාත්‍ය ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();