Ticker

6/recent/ticker-posts

Header Ads Widget

අටළුගම ජනතාව බොරු ලිපිනයන් දීලා – කොරෝනා පාලනයට ජනතාව අකමැති ඇයි?

අටළුගම ප්‍රදේශයේ වැඩි දෙනා ව්‍යාජ තොරතුරු ලබා දී ඇති බව සහ නිලධාරීන් නොමග යැවීමට කටයුතු කරන බව’ යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරනවා.

ඇතම් පිරිස් ‘ ව්‍යාජ ලිපින ලබාදීම , නිවසට පැමිණි නිලධාරීන් මගහැරීම, PCR පරීක්ෂණ සඳහා සහභාගී නොවීම, සහ නිරෝධායන නීති වලට පටහැනිව ක්‍රියා කිරීම සිදුකර ඇති බවද යුධ හමුදාපතිවරයා සඳහන් කරනු ලැබුවා.

එසේම සියලු දෙනාගේ ආරක්ෂාව සඳහා සෑම අයෙක්ම වගකීමෙන් සහය ලබා දිය යුතු බවත් නිවසට පැමිණ හොර අල්ලන්නා සේ මෙම කාර්ය සිදුකල නොහැකි බවත් සඳහන් කර තිබේ.

සේම පසුගිය දින කිහිපයේදී ප්‍රදේශයේ ජනතාව දැක්වූ සහාය අවම බවත් උණ රෝගයෙන් පෙලෙන පිරිසෙන් අඩක් මෙම පරීක්ෂණ සඳහා ඉදිරිපත් නොවී ඇති බවත් සඳහන් කර තිබේ.

ඉදිරියටත් මෙසේ සිදුවුව හොත් හුදකලා කිරීමේ කාර්ය සැලකියයුතු කාලයක් පවත්වා ගැනීමට සිදුවන බවද සඳහන් කර ඇති අතර ඉදිරියේදී වෙනත් ක්‍රමවේදයක් භාවිත කරමින් කටයුතු සිදුකිරීමට සැලසුම් කර ඇති බවද සඳහන් කරනු ලැබුවා.



from උණුසුම් පුවත් – Colombo Tribune https://ift.tt/3q90uoY
tribune

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();