Ticker

6/recent/ticker-posts

Header Ads Widget

එකිනෙකාගේ සිත් සුවපත් කිරීමට නඩු තීන්දු දෙන්න අධිකරණය බැඳී නෑ - ඇමැති අලි සබ්‍රි

 

අධිකරණය විසින් ලබාදී ඇති පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවනේෂ තුරෙයි චන්ද්‍රකාන්තන් මහතා හා ලලිත් වීරතුංග හා අනූෂ පැල්පිට යන රාජ්‍ය නිලධාරීන්ගේ නඩූ තීන්දු විපක්ෂය විසින් විවේචනය කළද එම තීන්දු අධිකරණය විසින් නීත්‍යානුකූල ලෙස ලබාදී ඇති නඩු තීන්දු බව අධිකරණ ඇමැති අලි සබ්‍රි මහතා පෙරේදා(28) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

එකිනෙකාගේ සිත් සුවපත් කිරීම වෙනුවෙන් නඩු තීන්දු ලබාදීමට අධිකරණය බැඳී නොමැති බවත් නීතිමය කරුණු මත පදනම්ව අධිකරණය විවේචන කළද අධිකරණය කෙරෙහි පවතින ජනතා විශ්වාසය පළුදු වන අයුරින් කටයුතු කිරීම කිසිසේත් අනුමත නොකරන බවද ඇමැතිවරයා අවධාරණය කළේය.

එමෙන්ම යම් අධිකරණ තීන්දුවක් පිළිබඳ වට පිටෙන් සොයාගන්නා කරුණු මත පදනම්ව විවේචන සිදු නොකර අදාළ නඩු තීන්දු කියවීමෙන් පසුව විවේචන සිදුකළ යුතු බවද ඇමැතිවරයා පැවැසීය.

ගතවූ වසර පහ තුළ යහපාලන ආණ්ඩුව අධිකරණයේ ස්වාධීනත්වයට දැඩිලෙස බලපෑම් කළ අතර වත්මන් රජය එලෙස බලපෑම් සිදුනොකරන බවද ඇමැතිවරයා පැවැසීය.

ස්වර්ණා විජේකෝන් , නුවන් කොඩිකාර සහ සන්ධ්‍යා කරුණාරත්න


Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();