Ticker

6/recent/ticker-posts

Header Ads Widget

5000න් මාසයක් ජීවත්වෙන්න කියන විමල්ගේ ගෙදර ලයිට් බිල මාසෙකට ලක්ෂයත් ඉක්මවයි.

කොරෝනා වසන්ගතය හේතුවෙන් හුදකලා කර තිබෙන ප්‍රදේශවල ජනතාවට රුපියල් 5000කින් මාසයක් ජීවත්වන්නැයි ප්‍රකාශ කරන ඇමති විමල් වීරවංශගේ මාසික විදුලි බිල පමණක් ලක්ෂය ඉක්මවන බව වාර්තා වේ. විදුලිබල මණ්ඩල ගිණුම් අංක 0794096840 යටතේ අමාත්‍ය විමල් වීරවංශගේ නිවසේ එක් මාසයක් සඳහා විදුලි බිල ලෙස රුපියල් 1,18,176.80 ක මුදලක් සටහන් වී ඇති බව මාධ්‍ය වාර්තා කර ඇත.

 (21) දිනයේදී ආහාර ද්‍රව්‍ය ඉල්ලමින් උතුරු කොළඹ සහ මැද කොළඹ ජනතාව පාරට බැස ඇති බවත් ඔවුන් මාසයකට වැඩි කාලයක් තිස්සේ දැනට ලොක්ඩවුන් තත්වයේ පසුවන බවත් පෙන්වා දී කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරයාට මීට මැදිහත් වන්නැයි මනෝ ගනේෂන් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී ඉල්ලා සිටින ලදි.

ඒ මොහොතේදී කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරයා වෙනුවට නැඟී සිටි විමල් වීරවංශ “ගරු මූලාස්නාරූඩ මන්ත්‍රීතුමනි, ගරු මනෝ ගනේෂන් මන්ත්‍රීතුමා මතු කරන කාරණය පිළිබඳව මම මේ දැන් කොළඹ දිසාපතිතුමාව අමතලා විමසුවා. එතුමා පැවසුවේ සාමාන්‍යයෙන් ඔබතුමා දන්නවා රුපියල් 5000ක් දෙන්නේ සතියකින් වියදම් කරන්න නෙවෙයි, ඔය පවුල්වලට රුපියල් 5000 ගාණෙ දීලා තියෙනවා. දීලා ඒක සතියෙන් වියදම් කරගෙන තමයි දැන් මොකුත් නෑ කියන්නෙ. ඔයාට ඕනෙ කෙනා නෙවෙයි උත්තර දෙන්නේ, එයා උත්තර දුන්නත් මං උත්තර දුන්නත් මේක තමා උත්තරේ. උත්තරේ අහගන්න. ඒ නිසා තමුන්නාන්සෙ මේ මෙතන නැති ප්‍රශ්න හදන්න යන්න එපා. වාඩිවෙනවා මනෝ ගනේෂන් තමුසේ. මෝඩයා !” යැයි පැවසීය.

The post 5000න් මාසයක් ජීවත්වෙන්න කියන විමල්ගේ ගෙදර ලයිට් බිල මාසෙකට ලක්ෂයත් ඉක්මවයි. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();