Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඉදිරි පැය 30ක් තුළ සුළි කුණාටුවක් වර්ධනය වීමේ වැඩි හැකියාවක්

දිවයිනට නැගෙනහිර දෙසින් පවතින අඩු පීඩන කලාපය ඉදිරි පැය 06 කාලය තුල පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි අතර ඉදිරි පැය 30ක කාලය තුළ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වීමේ වැඩි හැකියාවක් පවතින බව කාළගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි
 
මෙම පද්ධතිය වයඹ දෙසට ගමන් කරමින් නොවැම්බර් මස 24 දින වනවිට දිවයිනේ ඊසානදිග වෙරළබඩ ප්‍රදේශ වෙත ලඟා වනු ඇති එම බව ද එම වාර්තා වල සඳහන් වෙයි
 
නැගෙනහිර, උතුරුසහ උතුරු මැද පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ඇතැම් ප්‍රදේශවලට මි.මී. 150ට වැඩි ඉතා තද වැසි ඇති විය හැක.
 
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් වැසි වාර කිහිපයක් ඇති විය හැක.
 
නැගෙනහිර, උතුරු සහ උතුරු මැද පළාත්වල විටින් විට පැ.කි.මි.(60-70) පමණ දක්වා වන ඉතා තද ප්‍රහාරාත්මක සුළං ඇති විය හැක. සෙසු ප්‍රදේශවල පැ.කි.මි.(40-50) පමණ දක්වා වන ප්‍රහාරාත්මක තද සුළං ඇති විය හැක.
 
තද සුළං මගින් සිදු විය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();