Ticker

6/recent/ticker-posts

Header Ads Widget

සමස්ත ආසාදිතයින් ගණන 20,000ට ආසන්න වෙයි

මෙරට සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 20,000 සීමාවට ආසන්න වී තිබේ.
 
ඊයේ (21) වාර්තා වූ නව ආසාධිතයින් 491 දෙනාත් සමග මෙරට සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව 19,771 දක්වා ඉහළ ගියේය.
 
ඊයේ දිනයේ වාර්තා වූ ආසාදිතයින්ගෙන් 487 දෙනෙකු මීට පෙර හඳුනාගත් මිනුවන්ගොඩ පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
 
සෙසු ආසාදිතයින් සිව්දෙනා අතර ඉතාලියේ සිට පැමිණි පුද්ගලයින් තිදෙනෙකු සහ තුර්කියේ සිට පැමිණි පුද්ගලයෙකු සිටියි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();