ඊසානදිග නයිජීරියාවේ ගොවිබිම් ආශ්රිතව කෘෂිකර්ම කටයුතුවල නිරත පිරිසකට එල්ල වූ ප්රහාරයකින් අවම වශයෙන් පුද්ගලයින් 110ක් මිය ගොස් ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.
යතුරුපැදිවලින් පැමිණි ආයුධ සන්නද්ධ කණ්ඩායමක් මෙම ප්රහාරය සිදු කර ඇති බව සදහන්වේ. තම කෙත්වල අස්වැන්න නෙළන සිවිල් වැසියන්ට හා කාන්තාවන්ට මෙම අමානුෂික ප්රහාරයක් එල්ල වී ඇත.
නමුත් එම කණ්ඩායම පිළිබද කිසිදු අනාවරණයක් මෙතෙක් සිදු කර නොමැත.
මෙම සිද්ධිය සෙනසුරාදා අලුයම කොෂෝබේ ගම්මානයේ සිදුව තිඛේ
තවත් බොහෝ දෙනෙක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ. කාන්තාවන් කිහිප දෙනෙකු පැහැරගෙන ගොස් ඇතැයි විශ්වාස කරන බව ද සඳහන් කෙරේ.
0 Comments