Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පළාත් සභා ඡන්දය පවත්වන්න මැතිවරණ කොමිෂන් සභාවෙන් ජනපතිට ලිපියක්

පළාත් සභා මැතිවරණය දැනටමත් ප්‍රමාද වී ඇති බැවින් එය පැවැත්වීමට කටයුතු යොදන ලෙස මැතිවරණ කොමිෂන් සභාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යවමින් ඉල්ලීමක් කර තිබේ. කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ අත්සනින් යුතුව මේ ලිපිය යොමු කර ඇත.

එහි කරුණු වැඩිදුරටත් මෙසේ දැක්වේ.

පළාත් සභා ඡන්ද විමසීම නොපවත්වා එකී පළාත් සභා ආණ්ඩුකාරවරුන් හා නිලධාරින් මඟින් පාලනය කිරීම ප්‍රජාතන්ත්‍රවාදි ක්‍රමවේදය නොව බැවින් සහ මහජන නියෝජිතායතන ඡන්දයෙන් තේරිපත්වු නියෝජිතයන්ගේන් තොරව පවත්වා ගෙන යෑම අනීතික බව ශ්‍රේෂ්ඨාධිකරණය පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ SCFR 35/2016 මූලික අයිතිවාසිකම් පෙත්සමේදී පෙන්වාදි ඇති බැවින් ද මේ පළාත් සභා ඡන්ද විමසීම කඩිනමින් පැවැත්වීමේ අවශ්‍යතාව පිළිබඳ 2018 වර්ෂයේ අප්‍රේල් මස සිටම ඒ සමයේ ජනපති, අග්‍රාමාත්‍ය සහ කතානායක ප්‍රමුඛ පාර්ලිමේන්තුවේ සියලුම දේශපාලන පක්ෂ නායකයන් වෙතද පිළිගත් දේශපාලන පක්ෂ ලේකම්වරුන් වෙතද මැතිවරණ කොමිෂන් සභාව දන්වා තිබේ.

මේ ඡන්ද විමසීම තවදුරටත් ප්‍රමාද නොකර පැවැත්වීමට අවශ්‍ය පියවර ආණ්ඩු පක්ෂය ප්‍රමුඛ පාර්ලිමේන්තුව ගත යුතු බවත් ඒ බව ජනාධිපති හා අග්‍රාමාත්‍ය ප්‍රමුඛ ආණ්ඩුව වෙත දැන්විය බවට ඉකුත් සැප්තැම්බර් මාසයේ (24) පැවැති දේශපාලන පක්ෂ හා ලේකම්වරු සහ නිත්‍ය නියෝජිතයන්ගේ රැස්වීමේදි යෝජනා කරනු ලදුව කිසිදු විරෝධතාවයකින් තොරව ඒකමතිකව පිළිගනු ලැබිණි.

පළාත් සභා ඡන්ද විමසීම පැවැත්වීම සඳහා දැනට ඇති නීතියවු 2017 අංක 17 දරන පළාත් සභා ඡන්ද විමසීම (සංශෝධන) පනතින් යෝජිත පනහට පනහා මිශ්‍ර සමානුපාත නියෝජන ක්‍රමය යටතේ ඡන්ද විමසීම පැවැත්වීම සඳහා සීමානීර්ණය වාර්තාව පාර්ලිමේන්තුව අනුමත නොකිරීම නිසා එම ක්‍රමය යටතේ ඡන්ද විමසීම පැවැත්වීමට නම් නව පනතකින් බලය ලබාගෙන නැවත සීමා නීර්ණය වාර්තාවක් සැකසීම හෝ සුදුසු ක්‍රමවේදයක් අනුගමනය කළ යුතු අතර එයට තවත් සැලකීය යුතු කාලයක් ගතවනු ඇත.

එබැවින් 2019 නොවැම්බර්, දෙසැම්බර් කාලසීමාව තුළ බලයේ සිටි එක්සත් ජනතා නිදහස් සන්ධානය,ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ඊට අනුබද්ධ පක්ෂවල ප්‍රධානත්වයෙන් රට පාලනය කරන කාලය තුළ පළාත් සභා ඡන්ද විමසීම පැරැණි මනාප සහිත සමානුපාතික නියෝජන ක්‍රමයට පැවැත්වීම සඳහා 2017 අංක 17 සංශෝධන පනත ක්‍රියාත්මකවීම වර්ෂ කිහිපයකට කල් තැබීම මඟින් 1988 අංක 2 දරන පළත් සභා පනතේ පැරැණි විධිවිධාන නැවත බලාත්මක කිරීම සඳහා පනත් කෙටුම්පතක් ඉදිරිපත් කරනු ලදුව එය අමාත්‍ය මණ්ඬලයේ අනුමත කළේය. ඒ අනුව මැතිවරණ කොමිෂන් සභාවේ මතය වන්නේ පළාත් සභා ඡන්ද විමසීම කඩිනමින් පැවැත්විය හැක්කේ එකී යෝජනාව එනම් 2019 නොවැම්බර්,දෙසැම්බර් යෝජනාව ක්‍රියාත්මක කිරීම මඟින් බවයි. ඒ අයුරින් හෝ අන්අයුරකින් හෝ පාර්ලිමේන්තු පනතක් කඩිනමින් සම්මත කර දැනටමත් බොහෝ සෙයින් ප්‍රමාද වී ඇති පළාත් සභා ඡන්ද විමසීම 2021 වර්ෂයේ මුල මාස තුන ඇතුළත පැවැත්වීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස ඉතා ඕනෑකමෙන් ඉල්ලා සිටිමු.

 

අනුර ප්‍රේමලාල්

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();