කොරෝනා වෛරසය ආසාදනය වී සිටින අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රෝහලෙන් පිටවී නැවතත් ධවල මන්දිරය වෙත පැමිණ ඇත.
ජනාධිපතිවරයා පූර්ණ සුවය ලැබීමෙන් තොරව මෙලෙස රෝහලෙන් පිටව ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
තමන් අසනීප තත්ත්වයෙන් පසුවුවත්, එය නොතැකූ ජනාධිපතිවරයා ධවල මන්දිරය ඉදිරියේදී වහාම සිය මුඛ ආවරණ ඉවත්කර මාධ්‍ය හමුවේ පෙනීසිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ජනාධිපතිවරයා ගත් එම ක්‍රියාමාර්ගය ඉතාමත් වැරදි පූර්වාදර්ශයක් ලෙසින් පෙන්වාදෙන විදෙස් මාධ්‍ය පැවසුවේ ඉන් පැමිණි මාධ්‍යවේදීන්ගේ මෙන්ම ධවල මන්දිර කාර්ය මණ්ඩලයේද ජීවිත අවදානමක හෙළා ඇති බවයි.
මෙහිදී මාධ්‍ය ඇමතූ ට්‍රම්ප් තමන් සුවෙන් පසුවන බව අවධාරණය කරමින් ලෝක ප්‍රජාවගෙන් ඉල්ලා සිටියේ කොවිඩ් රෝගයට බිය නොවන ලෙසත් ඒ සමගින් ජීවිත ඉදිරියට ගමන්කළ යුතු බවත් ය.
0 Comments