Ticker

6/recent/ticker-posts

Header Ads Widget

‘තුරු මිතුරු - නව රටක් ’ව්‍යාපෘතියේ සහල් තොග යුද්ධ හමුදා සාමාජිකයින්ගේ ප්‍රයෝජනයට

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සංකල්පයකට අනුව දියත් කරනු ලබන ‘තුරු මිතුරු - නව රටක්’ හරිත ව්‍යාපෘතියට සමගාමීව පුරන් වූ කුඹුරු අස්වද්දා දිවයින සහල්වලින් ස්වයංපෝෂිත කිරීමේ කාර්යභාර්ය යථාර්තයක් බවට පත් කරමින් යුද්ධ හමුදා කෘෂිකාර්මික හා පශු සම්පත් අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් යුද්ධ හමුදා ගොවිපලවල පුරන් වූ කුඹුරු යළි අස්වද්දා ලබාගත් සහල් තොග සහනදායි මිල ගණන් යටතේ යුද්ධ හමුදා සාමාජිකයින් අතර බෙදාදීමට අවශ්‍ය කටයුතු සූදානම් කර ඇත.
 
ඒ අනුව, 2019 ‘මහ’ කන්නයේ සහ 2020 ‘යල’ කන්නයේ දී ශ්‍රී ජයවර්ධනපුර යුද්ධ හමුදා මූලස්ථානයට යාබදව පිහිටි පුරන්වූ කුඹූරු සහ යුද්ධ හමුදා ගොවිපල වලට අයත් කුඹුරුවල ‘සුවඳැල්’ සහ ‘කළුහීනටි’ ආදී වී ප්‍රභේදයන් වපූරා පළිබෝධනාශක සහ රසායනික ද්‍රව්‍ය අවම වශයෙන් භාවිත කර නෙළාගත්තා වූ අස්වැන්න මෙලෙස යුද්ධ හමුදා සාමාජිකයින්ගේ ප්‍රයෝජනය සඳහා ලබාදීම සිදුකෙරේ.
 
මෙලෙස නෙළාගත් විෂ රසායනික ද්‍රව්‍ය රහිත සහල් තොග ආරක්‍ෂක සේනා මූලස්ථාන, පනාගොඩ යුද්ධ හමුදා ජනපදයේ පිහිටි රෙජිමේන්තු මධ්‍යස්ථාන සහ කැන්දලන්ද, මැනිං ටවුන්, රුක්මල්ගම, පානළුව, ජාවත්ත සහ වත්තල ප්‍රදේශයන්හී පිහිටි යුද්ධ හමුදා සේවා වනිතා ඒකක යටතේ පවත්වාගෙන යනු ලබන සුභ සාධක වෙළඳසැල්හී අලෙවි කිරීම යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් පරිදි සිදුකෙරෙණු ඇත.
 
ඒ අනුව, යුද්ධ හමුදා දිනයට පෙර දින (9), යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි සුජීවා නෙල්සන් මහත්මියගේ උපදෙස් මත යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය විසින් පවත්වාගෙන යනු ලබන සුභසාධන වෙළඳසැල් අතර බෙදා හැරීම සඳහා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ඉන්ද්‍රජිත් කන්දනආරච්චි විසින් මෙම සහල් කිලෝ 25,000 ක් යුද්ධ හමුදා මූලස්ථානයේ දී යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය වෙත ලබාදුන්නේය.
 
කෘෂිකර්ම හා පශු සම්පත් අධ්‍යක්‍ෂ නියෝජනය කරමින් මෙම අවස්ථාවට සහභාගී වූ කන්දකඩු 6 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් නිශාන්ත මුත්තන්ත්‍රිගේ විසින් යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය යටතේ ස්ථාපිත සුභසාධන වෙළඳසැල් මගින් සහනදායි මිල ගණන් යටතේ යුද්ධ හමුදා සාමාජිකයින් වෙනුවෙන් අලෙවි කිරීමට මෙම සහල් තොගය සේවා වනිතා ඒකකයේ කර්නල් සුමේද බාලසුරිය සහ කර්නල් අරුණ විජේකෝන් වෙත නිල වශයෙන් භාරදුන්නේය.
 
 
 
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();