Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කොවිඩ් ආශ්‍රිතයින් සොයන්න බුද්ධි අංශ යෙදෙව්වත් ජාතික ආරක්ෂාවට ගැටළුවක් නෑ

කොවිඩ් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් සෙවීම බුද්ධි අංශ හරහා සිදුකිරීම තුළ බුද්ධි අංශ හරහා ජාතික ආරක්ෂාව වෙනුවෙන් සිදුකරනු ලබන කටයුතුවල කිසිදු අඩුවක් සිදුනොවන බව ආක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාපති ලුතිතන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.
 
වැඩිදුරටත් අදහස් දැක්වූ යුද්ධ හමුදාපතිවරයා මෙසේද කිය.
 
"ජාතික ආරක්ෂාව කියන්නේ හමුදාව තුවක්කු අරගෙන ගිහින් කරන වැඩක් විතරක් නෙවේ. ජාතික ආරක්ෂාව කොටස් කීපයක් තියෙනවා. ආහාර සුරක්ෂිතතාව, බලශක්ති සුරක්ෂිතතාව, දේශපාලන ආරක්ෂාව, යුදමය ආරක්ෂාව, පාරිසරික ආරක්ෂාව, සයිබර් ආරක්ෂාව වගේ කොටස් ගොඩක් තියෙනවා. හමුදාවන් විසින් සිදුකරන කොටස ආරක්ෂාවේ එක කොටසක් පමණයි. ජාතික ආරක්ෂෘව යටතේ තමයි සෞඛ්‍ය ආරක්ෂාවත් තියෙන්නේ.
 
මේ කොවිඩ් වෛරසයත් රටේ සෞඛ්‍ය ආරක්ෂෘව සම්බන්ධ ප්‍රශ්නයක්. ඉතින් අපිට හැකියාවව තියෙනව මේ සියලුම ආකාරයේ ආරක්ෂෘවන් සපයන ගමන් හමුදාමය ආරක්ෂාව සපයන ගමන්ම ජාතික ආරක්ෂාවේ වැදගත්ම කොටසක් වෙන සෞඛ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් ඇතිවෙලා තියෙන තත්ත්වයට මුහුණ දෙන්න සහ ඒ සඳහා අවශ්‍යය දේ කරන්න. අපි මේ කිසිදු දේක හිඩැසක් තියන්න කටයුතු කරන්නේ නැහැ. හේතුව මීට අවුරුද්දකට කලින් ඇති වුණාවගේ තත්ත්වයක් යළි මේ රටේ අපි ඇති කරන්න සූදානම් නැතිවීම.
 
කිසිම වෙලාවක අදට පවතින රජය යටතේ අතිගරු ජනාධීපතිතුමා සන්නද්ධ සේනාධිනායකයා වශයෙන් කටයුතු කරනවා. ත්‍රිවිධ හමුදාව සක්‍රීයව ඉන්නවා. ඒ නිසා කවුරු හරි හිතනවා නම් මේ කොවිඩ් වෛරසය පැතිරීයාමත් එක්ක් ඇතිවෙලා තියෙන තත්ත්වයත් එක්ක ජාතික ආරක්ෂාවේ යම් අඩුපාඩු ඇතිවෙයි කියලා ඒහෙම දෙයක් කිසිසේත්ම වෙන්නේ නෑ කියලා කියන්න පුළුළුන්."
 
 
 
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();