Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඇටකටු සහ දත් - කරගනිමු සවිමත්

කැල්සියම් කියන්නෙ ගර්භණී අම්මලාට ගොඩක් වැදගත් ඛනිජ ලවණයක්. බබාගේ ඇටකටු හොඳට හයියට හැදෙන්න වගේම බබා ලැබුණට පස්සෙ අම්මගෙ ඇටකටු දත් නීරෝගීව තියාගන්නත් කැල්සියම් වුවමනා වෙනවා. බබාගේ කිරි දත් වගේම ස්ථීර දත් හොඳින් හැදෙන්නත් අම්ම ගන්න කැල්සියම් ගොඩක් වැදගත්." මිඩ් වයිෆ් මිස් කියාගෙන ගියා.

සායනය ඉවර වෙලා දීපිකා දොස්තර මහත්තයා ගාවට ආවෙ එයාට කැල්සියම් ගැන ආපු ප්‍රශ්නයක් විසඳගන්න.

"ඩොක්ටර්, බබාගෙ දත් එන්නෙ ඉපදුනාට පස්සෙ නෙ. ඉතින් කොහොමද අම්මා කන කැල්සියම් එයාගෙ දත්වලට බලපාන්නෙ?"

වැඩිහිටියකුගෙ වගේම බබෙක්ගෙත් ඇටකටුවල වගේම දත්වල වැඩියෙන්ම තියෙන දෙයක් තමයි කැල්සියම් කියන්නේ. ඇටකටු ශක්තිමත්ව තියාගන්න වගේම දත් හොඳින් තියාගන්න නම් කැල්සියම් ගොඩක් වුවමනා වෙනවා. පොඩි බබෙක් ඉපදෙනකොට එයාගෙ මුළු ඇටසැකිල්ලම ගොඩක් දුරට හැදිලා ඉවරයි. ඒ කියන්නේ එයගෙ ඇඟේ කැල්සියම් ගොඩක් තියෙනවා. මේ කැල්සියම් සේරම එයාට ගියේ අම්මගේ ඇඟේ ඉඳලා. බබා ලැබෙන්න ඉන්න කාලෙ අම්මා ගත්ත කැල්සියම්වලින්.

"එතකොට දත්?" අපි දැනගන්න ඕන තවත් දෙයක් තමයි දත් එනවා කියන්නේ අලුතෙන් දත් හැදෙනවා කියන එක නෙවෙයි. බබාගෙ දත් සේරම ඒ කියන්නෙ කිරි දත් විතරක් නෙවෙයි ස්ථීර දතුත් බබා ඉපදෙනකොටම හැදිලා විදුරුමස් අස්සේ තියෙනවා. අපි බබාගේ දත් එනවා කියන්නේ එහෙම කලින්ම හැදිල තියෙන දත් ටික මතුවෙන එකට මිසක් අලුතින් දත් හැදෙනවා කියන එකට නෙවෙයි.

අන්න ඒ නිසා බබෙකුගේ ගේ කිරි දත් හොඳින් තියාගත්තේ නැත්නම් ඊට යටින් තියෙන ස්ථීර දත් ටිකත් නරක් වෙන්න පුළුවනි. මොකද සමහර අම්මලා හිතනවා 'කිරි දත් පණුවො කෑවට කමක් නෑ. පස්සෙ ස්ථිර දත් එනවනෙ' කියලා. ඒත් ඒක වැරදි මතයක්.

අනිත් කාරණය තමයි බබා ලැබෙන්න ඉන්න කාලෙ බබාට කැල්සියම් ඕන වුණාම අම්ම කරන්නෙ එයාගෙ ඇඟේ ඇටකටුවල තියෙන කැල්සියම්වලින් ටික ටික බබාට දෙන එක. ඊට පස්සෙ අම්මා කැල්සියම් ගත්තම ඒ කැල්සියම්වලින් වෙන්නේ අර කලින් ගත්ත තැන්වල අඩුව පුරවන එක. එහෙම වෙන්නෙ අම්මා ඇතිවෙන්න කැල්සියම් ගත්තත් නැතත් බබාට හරියට අඩුවක් නැතුව කැල්සියම් ටික ලැබෙන්න ඕන නිසා.

හැබැයි අම්මා හරියට කැල්සියම් ගත්තේ නැත්නම් අම්මගේ ඇටකටු වගේම දත් දුර්වල වෙන්න පුළුවන්. මෙන්න මේ කාරණාව හරියට නොදන්නා නිසා තමයි මව්කිරි දුන්නාම අම්මගේ ඇටකටු දත් දුර්වල වෙනවා කියලා සමහරු කියන්න පටන් ගත්තේ. ඇත්තටම ඒකත් වැරදි මතයක්.

අම්මා හරියට කැල්සියම් තියෙන කෑම ජාති ගන්නවා නම් දරුවෙක් ලැබුණා, මව් කිරි දුන්නා කියලා අම්මා ගේ ඇටකටු එහෙමත් නැත්නම් දත් දුර්වල වෙන්න විදිහක් නෑ.

එහෙම නම් අන්තිමට අපි දැනගන්න ඕන අපිට ලොකු වියදමක් නැතුව ගන්න පුළුවන් කැල්සියම් තියෙන කෑම ජාති මොනවද කියලා.

කැල්සියම් යහමින් තියෙන කෑම වර්ග තමයි කිරි. ඒ වගේම කිරිවලින් හදන යෝගට්, මුදවපු කිරි, පොඩි මාලු, කජු, රටකජු වගේ ඇට වර්ග. ඒ වගේම කව්පි, සෝයා, මෑ වගේ ඇට වර්ගවලත් කැල්සියම් තියෙනවා.

කැල්සියම් ගැන කතා කරනකොට අපි බොහෝ දෙනා වැරදියට තේරුම් අරන් තියන දෙයක් තමයි කැල්සියම් තියෙන්නෙ පොඩි මාළුන්ගෙ කියන කාරණය. ඇත්තටම අපේ ඇඟේ කැල්සියම් තියෙන්නෙ අපේ ඇටකටුවල වගේම තමයි මාළුන්ගෙත් කැල්සියම් තියෙන්නෙ ඇටකටුවල. ඒ නිසා මාළුන්ගේ තියෙන කැල්සියම් ගන්න නම් අපට වෙනවා උන්ගේ ඇටකටු ටික කෑමට ගන්න. ඉතින් අපට කන්න පුළුවන් පොඩි මාළුන් ගෙ ඇටකටු විතරක් නිසා අපට ගන්න පුළුවන් පොඩි මාළුන්ගේ කැල්සියම් විතරයි. මේක නොදන්න අපේ සමහර අම්මලා කැසියම් තියෙන්නෙ පොඩි මාළුන්ගෙ විතරයි කියලා වැරදියට හිතාගෙන පොඩි මාළුන්ගෙ ඇටකටු ටික අයින් කරලා කෑමට ගන්නවා. අන්න එතකොට නම් අපිට කැල්සියම් පොඩ්ඩක් වත් ලැබෙන්නේ නෑ. කටු ටික අයින් කරනවා කියන්නේ, කැල්සියම් ටික වීසි කරනවා කියන එක.

 

වෛද්‍ය නුවන් තොටවත්ත

 



from dinamina

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();