ඇමරිකානු රාජ්‍ය ලේකම් මයිකල් පොම්පියෝගේ අභිරහස් ශ්‍රී ලංකා සංචාරය හෙළා දකින බව ඇල්ලේ ගුණවංශ හිමි ඇතුළු මහාසංඝරත්නය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
රාජ්‍ය ලේකම්වරයාගේ පැමිණීම හදිසියේ සිදු කිරීමට හේතුව කුමක්ද යන්න රජය මෙතෙක් හෙළි කර නැති නමුත් එම සංචාරය සමස්තයක් වශයෙන් ඉන්දියානු පැසිපික් කලාපයේ ඇමරිකානු – ඉන්දියානු හමුදා ව්‍යාප්තිය හා ආරක්ෂාව තහවුරු කර ගැනීම අරමුණු කරගෙන සිදු කරන්නක් බව පැහැදිලි යැයි ද එම නිවේදනයේ සඳහන් වෙයි.
රාජ්‍ය ලේකම්වරයා මෙරටට පැමිණීමට පෙරම ශ්‍රී ලංකාව දුෂ්කර නමුත් අත්‍යවශ්‍ය තීරණ ගත යුතුව ඇතැයි යනුවෙන් තර්ජනාත්මකව කළ ප්‍රකාශයට ආණ්ඩුව කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වීම පිළිබඳව කනස්සල්ල පළ කරන බවත් උන්වහන්සේලා සඳහන් කරයි.
The post පොම්පියෝගේ ශ්‍රී ලංකා සංචාරයට විරෝධය. appeared first on Lanka News Column.
0 Comments