Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඔබ්සර්වර් - මොබිටෙල් සම්මාන උලෙළේ ජයග්‍රාහකයන් තෝරයි

42 වැනි වරටත් පැවැත්වෙන ඔබ්සර්වර් - මොබිටෙල් වසරේ පාසල් ක්‍රිකට් සම්මාන උලෙළේ ජයග්‍රාහකයන් තේරීම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු වේගපන්දු යවන ක්‍රීඩක, ජාතික ක්‍රිකට් තේරීම් කමිටු ප්‍රධානි අසන්ත ද මැල් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා කොළඹ ගලධාරී හෝටලයේදී පැවැත්විණි. ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ සහ ශ්‍රී ලංකා ක්‍රිකට් විනිසුරුවරුන්ගේ සංගමයේ නිලධාරින්ගෙන් සැදුම්ලත් විනිසුරු මණ්ඩලයක් විසින් මේ තෝරා ගැනීම් සිදු කරනු ලැබීය. සම්මාන උලෙළේ ප්‍රධාන අනුග්‍රාහක ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් සමාගමේ සහ සම්මාන උලෙළේ සංවිධායකයන් වන සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ (ලේක්හවුස්) ප්‍රධානිහු ද මේ අවස්ථාවට එක් වූහ. ඉදිරිපෙළ (වමේ සිට) දමින්ද කුරේ (ශ්‍රී ලංකා ක්‍රිකට් විනිසුරුවරුන්ගේ සංගමයේ සභාපති), ජූඩ් සිල්වා (මොබිටෙල් සමාගමේ සන්නිවේදන කළමනාකරු), තිලක් වාත්තුහේවා (නාලන්දා විදුහල්පති සහ ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ සභාපති), ඩබ්ලිව්. දයාරත්න (සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ සභාපති), අසන්ත ද මැල් (ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති), ජේ.ඒ.කේ.එස්. ඉන්ද්‍රජිත් (ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ ලේකම්), උපුල් වැවගේ (ශ්‍රී ලංකා ක්‍රිකට් විනිසුරුවරුන්ගේ සංගමයේ ලේකම්), පසුපෙළ (වමේ සිට) චම්පිකා වීරතුංග (ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ කාන්තා ක්‍රිකට් තරගාවලි ලේකම්), වයි. නිශාන්ත කුමාර (ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ අවුරුදු 19න් පහළ තරගාවලි ලේකම්), විරාජ් චමින්ද ද සිල්වා (ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ තාක්ෂණික නිලධාරී), අමරජීව දිසානායක (මධ්‍යම පළාත් ක්‍රිකට් විනිසුරුවරුන්ගේ සංගමයේ ලේකම්), ඒ.එම්. සී.වී.කුමාර (දකුණු පළාත් ක්‍රිකට් විනිසුරුවරුන්ගේ සංගමයේ සභාපති) දේශප්‍රිය දිසානායක (ක්‍රිකට් විනිසුරුවරුන්ගේ සංගමයේ විනිසුරුවන් පත් කිරිමේ කමිටුවේ සභාපති), කුමාර ගම්හේවාගේ (බැට්ස්මන් වෙබ් අඩවියේ සාමාන්‍යාධිකාරි), වසන්ත ආරියවික්‍රම (ක්‍රිකට් විනිසුරුවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික), සමන් හෙට්ටිආරච්චි (ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ තේරීම් කමිටුවේ හිටපු සභාපති), මංජුල වාස් (ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ භාණ්ඩාගාරික) සමූහ ඡායාරූපයට පෙනී සිටි අයුරු. ඡායාරූපය - දුෂ්මන්ත මායාදුන්න

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();