Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මුම්බායි පරදී

චෙන්නායි සුපර් කිංග්ස් පිලේ ලුන්ගි එන්ගිඩි ඇතුළු පන්දු යවන්නන්ගේ උපක්‍රමශීලී පන්දු යැවීමේ විලාශය හේතුවෙන් කොවිඩ් වසංගතය මැද අබුඩාබි නුවරදී ආරම්භ වූ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ පළමු තරගයෙන් කඩුලු 5ක පරාජයක් අත් විඳ ගැනීමට මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට සිදු විය.

කාසියේ වාසිය දිනූ චෙන්නායි පිලේ ඇරියුමෙන් පළමුව පන්දුවට පහරදුන් මුම්බායි ඉන්ඩියන්ස් පිලට නියමිත ඕවර 20 අවසානයේ දී කඩුලු 9ක් දැවී රැස් කිරීමට හැකිවූයේ ලකුණු 162ක් පමණි. එම ඉලක්කය හඹා ගිය චෙන්නායි සුපර් කිංග්ස් පිල ඉනිම නිමාවීමට පන්දු 4ක් ඉතිරිව තිබියදී කඩුලු 5ක් පමණක් දැවී ජයග්‍රහණය සපුරා ගත්තේය.

මුම්බායි ඉනිම අඩු ලකුණු ගණනකට රඳවා ගනිමින් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ එන්ගිඩි කඩුලු 3ක් දවාලූ අතර, දීපාක් චාහර් සහ රවීන්ද්‍ර ජඩේජා අතර කඩුලු 2 බැගින් බෙදී ගියේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ චෙන්නායි සුපර් කිංග්ස් පිලේ පළමු කඩුලු 2 ලකුණු 6ක් ඇතුළත බිඳ වැටුණ ද, ෆෆ් ඩු ප්ලෙසි සහ අම්බති රයිදු එක්ව තුන්වැනි කඩුල්ලට ලකුණු 115ක සම්බන්ධතාවක් ගොඩ නගමින් සිය කණ්ඩායමේ ජයග්‍රහණයට කදිම අඩිතාලමක් දැමූහ.

පන්දු 44කට මුහුණ දුන් ඩු ප්ලෙසි හතරේ පහර 6ක් සමග නොදැවි ලකුණු 58ක් රැස් කළ අතර, රයිදු හතරේ පහර 6ක් සහ හයේ පහර 3ක් සමග රැස් කළ ලකුණු සංඛ්‍යාව 71කි.

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();