Ticker

6/recent/ticker-posts

Header Ads Widget

අමෙරිකා ජනපතිට විෂ ලිපියක්

අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉලක්ක කරගෙන විෂ සහිත කුඩක් ඇතුළත් ලිපියක් ධවල මන්දිරයට එවා තිබියදී එහි ළඟා වීමට පෙර එෆ්බීඅයි නිලධාරීන් විසින් සොයාගෙන ඇත. ධවල මන්දිරයට එවන ලියුම් සහ පාර්සල් පරිලෝකනය කරන ස්ථානයේ දී මේ ලිපිය සොයාගෙන ඇත්තේ ඉකුත් සතියේ මුල් භාගයේ යැයි නිලධාරීන් කියා තිබේ.

ලියුම් කවරයේ අඩංගු වී ඇත්තේ එරඬු ඇටවල ස්වාභාවිකව අඩංගු වන රිසීන් නම් උග්‍ර විෂ ද්‍රව්‍යයකි. ඒ රසායනික ද්‍රව්‍යය ශරීරගත වුව හොත් පැය 36ත් 72ත් අතර මරණය සිදු විය හැකිය. මේ වාර්තාව ගැන ට්‍රම්ප් පරිපාලනය තවම අදහස් දක්වා නොමැත.

මේ ලියුම පැමිණියේ කොහි සිට ද, තවත් මෙවැනි ලිපි තැපෑලට යොමු කර ඇත්ද යන්න සෙවීමට එෆ්බීඅයි සහ අමෙරිකානු රහස් ඔත්තු සේවය පරීක්ෂණ සිදු කරයි. දැනට විශ්වාස කරන පරිදි ඒ ලිපිය යොමු කර ඇත්තේ කැනඩාවේ සිට යැයි අනුමාන කෙරේ.

මහජන ආරක්ෂාව සඳහා මේ වන විට තර්ජනයක් ඇතැයි තොරතුරු නොමැති බව ඔත්තු සේවා මාධ්‍ය වෙත පවසා ඇත.

බුද්ධි කරුණාරත්න

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();