Ticker

6/recent/ticker-posts

Header Ads Widget

රංගන හේරත්ට උපදේශක තනතුරක්

බංග්ලාදේශයට එරෙහිව පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගමාලාව සඳහා ශ්‍රී ලංකා පිලේ දඟපන්දු යවන්නන්ගේ උපදේශක ලෙස හිටපු දඟපන්දු යවන ක්‍රීඩක රංගන හේරත් පත් කරනු ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.

බංග්ලාදේශ පිලේ ශ්‍රී ලංකා සංචාරය මෙතෙක් තහවුරු නොවූවත්, ක්‍රීඩාවෙන් සමුගැනීමෙන් පසු රංගන හේරත් සිය පුහුණුකාර වෘත්තීය ආරම්භ කරමින් පළමුවරට ශ්‍රී ලංකා පිලේ දඟපන්දු යැවීමේ උපදේශකවරයා ලෙස කටයුතු කරනු ඇතැයි එම ආරංචි මාර්ග වැඩි දුරටත් පවසයි.

ලොව විශිෂ්ටතම දඟපන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් ක්‍රීඩාවෙන් සමුගැනීමෙන් පසු එම අඩුව පුරවාලමින් ශ්‍රී ලංකා පිලේ ප්‍රබලතම තුරුම්පුව බවට පත්ව සිටි රංගන හේරත් වසර 2018 නොවැම්බරයේ ගාල්ල ක්‍රීඩාංගණයේදී එංගලන්තයට එරෙහිව සිය අවසන් ටෙස්ට් තරගයට ක්‍රීඩා කළේය.

ක්‍රීඩා පිටියෙන් සමුගන්නා විට ටෙස්ට් තරග 93කදී කඩුලු 433ක් දවාලීමට සමත්වූ මේ විශිෂ්ට දඟපන්දු යවන්නා එක්දින තරග 71කට සහ විස්සයි20 තරග 17කට ද ක්‍රීඩා කළේය.

42 හැවිරිදි රංගන හේරත් ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් ඉනිමකදී කඩුලු ත්‍රිත්වයක් වාර්තා කළ දෙවැනි පන්දු යවන්නා වන අතර එම වාර්තාව තැබූ පළමු හා එකම ශ්‍රී ලාංකික දඟපන්දු යවන්නා ද වේ. ඔහු 2016 වසරේදී ඔස්ට්‍රේලියාවට එරෙහිව ගාල්ල ක්‍රීඩාංගණයේ පැවැති ටෙස්ට් තරගයේදී එම දස්කම දැක්වූ අතර, ඊට පෙර 1999 වසරේ හරාරේ නුවර සිම්බාබ්වේ පිලට එරෙහිව පැවැති ටෙස්ට් තරගයේදී වේගපන්දු යවන නුවන් සොයිසා කඩුලු ත්‍රිත්වයක් දවාලීමට සමත් විය.

ෆවුස් මොහොමඩ්

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();