Ticker

6/recent/ticker-posts

Header Ads Widget

යතුරුපැදි ගැටුමෙන් අවුරුදු තුනක සිඟිත්තිය මරුට

ආණමඩුව මහඋස්වැව ප්‍රදේශයේ අතුරු මාර්ගයක යතුරුපැදි දෙකක් එකිනෙක ගැටීමෙන් සිදු වූ අනතුරකින් අවුරුදු තුනක දැරියක් මරණයට පත්ව තවත් සිව්දෙනකු තුවාල ඇති බව පොලීසිය පැවසීය.

මෙසේ මරණයට පත්ව ඇත්තේ ආණමඩුව මහඋස්වැව පදිංචිව සිටි තුන් හැවිරිදි හිරුළි නවෝද්‍යා අරවින්දි නැමති දැරියක.

ඉකුත් 18 වැනි දින දහවල් මෙම අනතුර සිදු වී ඇත.

තම තුන් හැවිරිදි දැරිය යතුරුපැදියේ ඉන්ධන ටැංකිය මත නන්වාගෙන මාස පහක ගැබිනියක් වූ බිරිය සමඟ හිස් වැසුම් නොමැතිව යතුරුපැදියකින් ගමන් කරමින් සිටි එකම පවුලේ මව, පියා සහ දැරිවිය ඉදිරියෙන් පැමිණි තවත් යතුරු පැදියක ගැටි ආසන්නයේ පිහිටි අඩි 10 පමණ ගැඹුරු ඇළකට යතුරු පැදිය සමඟ ඇද වැටී බරපතළ තුවාල ලැබීමෙන් පසු ඔවුන්ව රෝහල් ගත කිරීමට ප්‍රදේශවාසීන් කටයුතු කර තිබුණි.

ඇළට වැටි සිටි දැරිය, ගැබිනි මව, පියා ආණමඩුව මුලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු කුරූණැගල ශික්ෂණ රෝහලට මාරු කර යවා තිබේ. එහිදී දැරිය පෙරේදා (19) මරණයට පත් වී ඇත.

 

මිහිර විජේසේකර - මාරවිල සමූහ

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();