Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ප්‍රවේශපත්‍ර වෙනුවට පෙරගෙවුම් කාඩ්පත ලබන මාසයේ හඳුන්වා දෙනවා

ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක

ලංගමට දිනපතා එකතු වන අාදායමෙන් ලක්ෂ අනුවක් ප්‍රවේශ පත්‍ර වංචාව නිසා අහිමි වන බැවින් ඉතා කඩිනමින් පෙර ගෙවුම් කාඩ් පත හඳුන්වා දෙන බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි.

ලංගම බස් රථ වැටලීම් වැඩිපුර ක්‍රියාත්මක කිරීම නිසා ප්‍රවේශ පත්‍ර වංචාවට ලංගම කොන්දොස්තර මහතුන් සතියකට 15 දෙනෙක් පමණ සේවයෙන් ඉවත්වෙනවා. අධිවේගී මාර්ගයේද ප්‍රවේශපත්‍ර වංචා කිරීම වැඩි වී තිබෙනවා. එයත් සේවක සංඛ්‍යාව අඩු වීමට හේතුවක්. මේ නිසාම සේවකයන් මේ තත්ත්වයෙන් ගලවා ගැනීමට උත්සාහ කරනවා. නමුත් ලංගමට නිත්‍යනුකූලව ලැබෙන ආදායම අහිමිවීම පිළිබඳව දැඩි අවධානය යොමු කරනවා. ලංගම විනය තදින් ක්‍රියාත්මක කරනවා. අනිවාර්යයෙන්ම බස් රථ පිරිසුදු කළ යුතුයි. දැනටමත් ඒ සඳහා අවශ්‍ය චක්‍රලේඛ ඩිපෝවලට නිකුත්කර තිබෙනවා. ප්‍රවේශපත්‍ර පරික්ෂා කරන ආකාරයට ම පිරිසුදුකම ගැනත් බලා, එය නිසියාකාරයෙන් සිදු නොවන්නේ නම් අදාළ නිලධාරීන්ට දැඩි දඩුවම් ලබා දිමට පියවර ගන්නා බවද ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති, කිංස්ලි රණවක මහතා පවසුවේය. සභාපතිතුමා එසේ පැවසුවේ ලංකා ගමනාගමන මණ්ඩලයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ සභාපතිතුමා, ''එදා එක්සත් ජාතික පක්ෂය ලංකා ගමනාගමන මණ්ඩලටය අයත් අබිලි බස් රථ 20ක් පරණ යකඩවලට මිලියන එකහමාරක මුදලකට විකුණා තිබුණා. දැන් ඒ ක්‍රමය නතර කර පරණ බස් රථ අලුත්වැඩියා කොට එක් රථයක් ලක්ෂ අටකට අලෙවි කිරීටම පියවර ගෙන තිබෙනවා. ඒ හරහා ලබා ගන්නා මුදලින් බස් රථ ඇණිය වැඩිකර ගැනීමට අදහස් කරනවා. මීට අවුරුදු දහයකට පමණ පෙර අලුත් බස් රථ ලබාගෙන තිබෙන්නේ. දැන් ඒ බස් රථ අබලන් තත්ත්වයක පවතිනවා. වසර පහක් තුළ බස් රථ මිලදී ගැනීමේ ප්‍රතිපත්තියක් හදා තිබෙනවා. පසුගිය කාලේ ගියර් පෙට්ටි, ඇන්ජින් අලුත්වැඩියා කරන්න පෞද්ගලික අංශයට බාර දී තිබුණා. ඒ ක්‍රමය පෙබරවාරියේ සිට නතර කිරීම නිසා මිලියන 55ක ආදායමක් උපයාගෙන තිබෙනවා. ඉදිරියේදී පෞද්ගලික අංශවලින් ලබාගත් සේවාවන් නතර කොට, ලංගම සේවකයන් ගෙන් එම සේවය ලබාගැනීමට නියමිතයි. ඉංජිනේරු අංශය ශක්තිමත් කිරිමෙන් විශාල ලාභයක් ඇතිකර ගැනීමට හැකිවෙනවා. ලංගම සේවකයන් 29.000ක් සිටින බැවින් මේ අයගෙන් සේවාවන් ලබාගෙන ලංගම දියුණු කළ හැකි යි. ලංකා ගමනා ගමන මණ්ලය වෙනුවෙන් ආදායම් මාර්ග වැඩි කිරිම සඳහා ඉදිරියේදි ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම වෙනුවට පෙරගෙවුම් කාඩ්පත ලබන මාසය වනවිට හඳුන්වා දීමට ප්‍රවාහන අමාත්‍යංශය ජාතික ගමනා ගමන කොමිසන් සභාව එක්ව කටයුතු කරගෙන යනවා. මෙම කාඩ් පත බස් රථවල, දුම්රියවල වලංගු වන ආකාරයට නිකුත් කිරීමට නියමිතයි.

ජායාරූපය - සමන්ත වීරසිරි

 

නිමල් රාජපක්ෂ

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();