Ticker

6/recent/ticker-posts

Header Ads Widget

බසයට යට වී තිදරු මව මරු දකී

මතුගම අගලවත්ත මාර්ගයේ ඇතුළත්මුදලිගම පිවිසුම අසල දී 18 දා බස් රථයකට යටවීමෙන් යතුරුපැදියක ගමන්ගත් කාන්තාවක් එම ස්ථානයේදීම මිය ගොස් තිබේ.

මෙසේ මිය ගොස් ඇත්තේ දෙමෝදර, මහගම පදිංචි එන්. ඩී. ශිරාණි මධුවන්ති නමැති තිස් එක් හැවිරිදි තිදරු මවකි.

හත්වන වසරේ ඉගෙනුම ලබන සිය වැඩිමහල් දියණිය මතුගම පෞද්ගලික උපකාරක පන්තියකට ඇරලවා නැවත නිවෙස බලා යමින් සිටිය දී ස්කූටි වර්ගයේ යතුරුපැදිය ඉදිරියෙන් පැමිණි යතුරු පැදියක ගැටී, අසලින් ගමන් ගත් බස් රථය යටට මෙම කාන්තාව විසි වී තිබේ.

ලංගමයට අයත් මෙම බස් රථයේ පිටුපස රෝද යුගලය කාන්තාවගේ සිරුර මතින් ගමන් කර ඇත. ප්‍රදේශවාසීන් කාන්තාව වෑත්තෑව රෝහලට ඇතුළත් කර ඇතත්, ඒ වන විටත් ඇය මියගොස් සිටි බව තහවුරු වී තිබේ.

මියගිය කාන්තාවට තවත් පස්වන වසරේ ඉගෙනුම ලබන දියණියක් හා වසර තුනක් වයසැති පුතෙකු ද සිටින බවත්, ඇය කලක් ප්‍රදේශයේ ඇගලුම් කම්හලක සේවය කරමින් සිට ඉන් ඉවත්ව ඇති අතර, සැමියා දෛනික කුලී රැකියාවේ නිරත වන බවත් අනාවරණය වී ඇත.

මතුගම මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පරාක්‍රම උඩවත්ත මහතාගේ උපදෙස් මත, ප්‍රධාන පොලිස් පරීක්ෂක පී. ඩී. කේ. රුද්‍රිගෝ, පොලිස් පරීක්ෂක අල්විස් යන මහත්වරුන් ඇතුළු නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ පවත්වති.

 

පී.එම්. පත්මසූරිය - අගලවත්ත සමූහ

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();