බුලත්කොහුපිටිය, දෙහිඕවිට, දැරණියගල, රක්වාන හා බිබිල යන ප්‍රදේශවල දින තුනක් පුරා කළ සෝදිසි මෙහෙයුමකදී මත්පැන් ජාවාරමේ නිරත වූ සැකකරුවන් 37 දෙනකු සමඟ රුපියල් එක්ලක්ෂ හැත්තෑපන් දහසක් වටිනා මත්පැන් තොගයක් මධ්‍ය පළාත් සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් මැත්පැන් තොගයේ කසිප්පු මිලි ලීටර් 61950ක්, අරක්කු මිලි ලීටර් 5580ක්, රා මිලි ලීටර් 20150ක්, දගර 6ක්, ගෑස් ළිප්, බැරල්, තඹ හැළි ඇතුළු උපකරණ තොගයක් තිබු බව මධ්‍යම පළාත් සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති, ප්‍රධාන සුරාබදු පරීක්ෂක නාලක මලවිපතිරණ මහතා පැවසීය.
නිමල් රාජපක්ෂ


0 Comments