Ticker

6/recent/ticker-posts

Header Ads Widget

විස්සෙන් ජනපතිට සුවිශේෂ බලයක් නෑ

 රාජ්‍ය ඇමැති ප්‍රසන්න රණවීර

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සුවිශේෂ බලයක් විසිවැනි සංශෝධනයෙන් නොලැබෙන බවත් ජේ.අර්. ජයවර්ධන මහතාගේ සිට මහින්ද රාජපක්ෂ මහතා දක්වා මේ රටේ සිටි ජනාධිපතිවරුන්ට හිමි වී තිබූ බලය පමණක් ඒ මහතාට හිමි වන බවත් රාජ්‍ය ඇමැති ප්‍රසන්න රණවීර මහතා පැවසීය.

19 වැනි සංශෝධනය වෙනස් කරන්න කියා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට 2/3ක බලයක් දුන්නේ මේ රටේ ජනතාවයි. ඒ එම සංශෝධනය නිසා මේ රට දිනෙන් දිනම අස්ථාවර වන හැටි ඔවුන් හොඳින් දුටු නිසා බව ද හෙතෙම කීවේය.

ඒ මහතා මේ බව සඳහන් කළේ ඉකුත් දා (18) එම අමාත්‍යාංශයේදී පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි. එහිදි වැඩි දුරටත් කතා කළ රාජ්‍ය ඇමැතිවරයා මෙසේද කීවේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විසි වැනි සංශෝධනය ගැන අද කවුරුත් කතා කරනවා. ඒක කාටත් අභියෝගයට ලක් කළ හැකියි. අධිකරණයට වුණත් ගිය හැකියි. මේ ගැන ඉතාම ප්‍රජාතන්ත්‍රවාදි ලෙස ආණ්ඩුව කටයුතු කරන බව කාටත් පෙනෙනවා. 1978 සිට තිබුණු බලතල තමයි මේ ගෙන එන්නේ. අලුත් දෙයක් නොවේ. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පැමිණි අවස්ථාවේ සිට 19 වැනි සංශෝධනය ගෙන එනතෙක් තිබුණු සියලු බලතල තමයි මේ තියෙන්නේ. හිටපු ජනාධිපතිවරුන් වන ජේ.ආර්. ජයවර්ධන, ආර්. ප්‍රේමදාස, ඩිංගිරි බණ්ඩා විජේතුංගට, චන්ද්‍රිකා කුමාරතුංග හා මහින්ද රාජපක්ෂ යන මහත්ම මහත්මීන්ට තිබුණු බලය තමයි මේ ගෙන එන්නේ. අප බොහෝම පැහැදිලිව ජනාධිපතිවරණයේත්, මහා මැතිවරණයේත් ජනතාවගෙන් 2/3ක බලයක් ඉල්ලුවේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරන්නයි. ජනතාව ඒ බලය ජනවරම අපට ලබාදී තියෙනවා. අපට උපරිම විශ්වාසයක් තියෙනවා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රටට අහිතකර සංශෝධන ගෙන එන්නේ නැහැ කියා. 19 වැනි සංශෝධනයේ තිබුණු සාධනීය ලක්ෂණ ගැන අපේත් අවධානය යොමු කර තියෙනවා. ඇත්තටම 19 වැනි සංශෝධනය ගෙනාවේ රටක් පදනම් කරගෙන නොවේ පවුලක් පදනම් කරගෙනයි. ව්‍යවස්ථාවක් හදන්න අවශ්‍ය වන්නේ රටක් පදනම් කරගෙනයි. පැවැති ආණ්ඩුව 19 ගෙනවිත් සකස් කළ ව්‍යවස්ථාදායක සභාවලට පත් කළේ රාජ්‍ය නොවන සංවිධානවල අයයි. දැන් ඒ අය වෙනස් කරගන්නත් බැහැ. වර්තමාන සංශෝධනයෙන් ව්‍යවස්ථාදායක සභාවට පත් කරන සාමාජිකයන් ගැන පත් කළ කෙනා වගකිව යුතුයි. රටට වගකියන්නේ නැති අයගෙන් වැඩක් නැහැ. ඒ නිසා අපට අවශ්‍ය වන්නේ කවුරු පත් කළත්, ඒ අය රටට වගකිව යුතුයි.

අනුර ප්‍රේමලාල්

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();