Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඩිජිටල් තාක්ෂණයේ ප්‍රතිලාභ ජනතාවට ලබා දීමේ ජාතික වැඩපිළිවෙළට පෞද්ගලික අංශ එක් වෙයි

ඩිජිටල් තාක්ෂණයේ ප්‍රතිලාභ ජනතාව වෙත ගෙනයෑමේ ජාතික වැඩපිළිවෙල ශක්තිමත්ව ඉදිරියට ගෙනයාම සඳහා පෞද්ගලික අංශය ද එක්ව ක්‍රියාත්මක කිරීමට රජය පියවර ගෙන තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය හා සීමාසහිත කෛමු ලංකා පෞද්ගලික ආයතනය (daraz.lk) එක්ව අවබෝධතා ගිවිසුමකට එළඹි බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය පවසයි. ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ මෙහෙයවීමෙන් රට පුරා ක්‍රියාත්මක ස්මාර්ට් සමාජකව, සුහුරුලිය හා නැණසල සංවිධාන සුළු මධ්‍ය ප්‍රමාණ ව්‍යවසායකයන්ට අන්තර්ජාලය උපයෝගීකරගෙන සිය ව්‍යාපාර ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය දැනුම හා පුහුණුව ලබාදෙයි.

මේ සඳහා සීමාසහිත කෛමු ලංකා පෞද්ගලික ආයතනය සහාය වීම මෙම ගිවිසුමේ අරමුණ වී තිබෙන අතර ඩරාෂ් වෙබ් අඩවිය අන්තර්ජාතිකව මාර්ගගත (online) භාණ්ඩ හුවමාරුවේ යෙදෙන පුළුල් ව්‍යාපාරයකි.

මෙම වැඩපිළිවෙල මඟින් නව ව්‍යාපාරික අවස්ථා දේශීයව ප්‍රවර්ධනය කිරීමෙන් විදේශීය වෙළෙඳපොළට පිවිසීමට සුළු හා මධ්‍ය ප්‍රමාණ ව්‍යවසායකයන්ට හැකිවනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාවට ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ සභාපති ජයන්ත ද සිල්වා, ප්‍රධාන විධායක මහින්ද බි. හේරත්, අංශ ප්‍රධානි (සන්වර්තන) සමීර ජයවර්ධන, ඩරාෂ් ශ්‍රී ලංකා ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ රක්හිල් ප්‍රනාන්දු, ප්‍රධානී (හවුල් කාරිත්ව) දුලික ජයමාන්න, ප්‍රධානී (ප්‍රජා විකුණුම්) ප්‍රවීන් රුක්ෂාන් ෂාවිර් මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වුහ.

 

 

මහින්ද අලුත්ගෙදර

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();