Ticker

6/recent/ticker-posts

Header Ads Widget

හයිලෙවල් හා ගාලු පාර ඇතුළු මාර්ග 4කට මංතීරු නීතිය අද සිට ක්‍රියාත්මකයි

මංතීරු නීතිය අද (21) සිට දැඩිව ක්‍රියාත්මක කරන බව රථවාහන පොලීසිය පවසයි. අධික රථ වාහන තදබදයට පිළියමක් ලෙස ශ්‍රී ජයවර්ධනපුර මාවත, බේස්ලයින්, හයිලෙවල් හා ගාලු පාර යන මාර්ග හතර ඉලක්ක කර මංතීරු නීතිය ක්‍රියාත්මක කෙරේ.

පෙරවරු 6.00 සිට 9.00 දක්වාත්, පස්වරු 4.00 සිට රාත්‍රී 8.00 දක්වාත් මෙම මංතීරු නීතිය දිනපතා ක්‍රියාත්මක කෙරේ.

මංතීරු නීතිය උල්ලංඝනය කරන නැත්තන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව පවසන පොලිසිය ඒ සඳහා සීසීටීවී දර්ශන හා වීඩියෝ කැමරා මගින් ලබාගන්නා වීඩියෝ දර්ශනත් උපයෝගී කර ගැනීමට අපේක්ෂා කෙරේ. එම දර්ශන ඔස්සේ ලබා ගන්නා සාක්ෂි සහ මාර්ගයේ සිටින රථවාහන පොලිස් නිලධාරීන් විසින් ලබා ගන්නා සාක්ෂි මත මෙම නීතිය ක්‍රියාත්ම කිරීමට කටයුතු කරන බව පොලිසිය පවසයි.

බස් ප්‍රමුඛතා මංතීරුවේ ත්‍රීරෝද රථ සහ යතුරුපැදි සඳහා වැඩි ඉඩක් ලබා දීමට පියවර ගන්නා අතර ඒ අනුව මංතීරු හතරක් ඇති මාර්ගයන් හි වම්පස තිබෙන පළමු හා දෙවන මංතීරු බස්රථ, යතුරුපැදි හා ත්‍රීරෝද රථ සඳහා වෙන් කර ඇති අතර මංතීරු තුනක් ඇති මාර්ගවල වම්පස පළමු මංතීරුවේ බස් රථවලට ගමන් ගත හැකි අතර, දෙවන මංතීරුවෙන් ඉස්සර කර ඉදිරියට යා හැකි බව ද පොලිසිය පවසයි.

මෙම මංතීරු නීතිය ක්‍රියාත්මක කිරීම හරහා අපේක්ෂා කරන්නේ කොළඹ නගරයට වාහන පෙරවරුවේ ඇතුළුවීමේදී රිය අනතුරු අවම කරමින් මාර්ග තදබදය අවම කරමින් කඩිනමින් සහ විධිමත් අකාකරයකට මෙම මාර්ග භාවිත කරමින් ආරක්ෂිතව වාහන වලට කොළඹ නගරයට ඇතුළුවීමට පහසුකම් සැලසීමත් පස්වරුවේත් ඒ ආකාරයට ඉතාම කඩිනමින් නගරයෙන් බැහැරව යන වාහන ක්‍රමවත්ව විධිමත් ආකාරයට රිය අනතුරු අවම වන ආකාරයට වාහන බැරකිරීම සඳහා පසුකම් සැලසීම බවත් පොලිසිය සඳහන් කරයි.

කොළඹ නගරයේ මාර්ග හතරක මංතීරු නීතිය ක්‍රියාත්මක කිරීම මෝටර් වාහන පනතේ ඇති ප්‍රතිපාදන අනුව සහ ඊට අදාළ ගැසට් නිවේදනවල ඇති ප්‍රතිපාදන අනුව සම්පූර්ණ නීත්‍යනුකූල ක්‍රමවේදයක් ඕස්සේ ක්‍රියාත්මක කළ බවත් ඒ ක්‍රියාත්මක කිරීමේදී එයින් ඇතිවන බලපෑම අපේක්ෂිත කාරණා ඉෂ්ට වනවාද යන්න සහ ඒසේ අපේක්ෂිත කාරණා ඉෂ්ඨ නොවන්නේ නම් ඊට හේතු මොනවදා යන්නත් පසුගිය සතිය පුරා විවිධ ක්‍රමවේදයන් ඔස්සේ ශ්‍රී ලංකා පොලිසිය කටයුතු කර තිබේ.

අනාවරණය වූ තොරතුරු ඊට අදාළ අත්දැකීම් ලබාගත් නිරීක්ෂණ, සංඛ්‍යාෙල්ඛන, දත්ත සහ මාධ්‍ය මගින් ප්‍රචාරය වූ විවිධ විවේචන සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ඒ සම්බන්ධයෙන් වාර්තාවූ විවිධ අදහස් සියල්ල පිළිබඳව ශ්‍රී ලංකා පොලිසිය අවධානය යොමු කර ඇත.

මාර්ග හතරක මංතීරු නීතිය ක්‍රියාත්මක කිරීම පෙරහුරුවක් ලෙස පසුගිය 14 වැනිදා සිට ආරම්භ වූණි. මෙම තොරතුරු අනාවරණය වූයේ ඊයේ (20) පොලිස් මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේදීය ඒ සඳහා පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ ජාලිය සේනාරත්න රථ වාහන පාලන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික හපුගොඩ යන මහත්වරු එක්ව සිටියහ.

ඡායාරූපය - හිරන්ත ගුණතිලක රක්ෂණ ශ්‍රියන්ත

ඡායාරූපය - හිරන්ත ගුණතිලක

රක්ෂණ ශ්‍රියන්ත

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();