Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කටාන ජල යෝජනා ක්‍රමයේ වැඩ කඩිනම් කරන්න

 ඇමැති වාසුදේවගෙන් උපදෙස්

කටාන ජල යෝජනා ක්‍රමයේ ඉදිකිරීම් කටයුතු කඩිනමින් අවසන්කර ජනතා අයිතියට පත් කිරීමට පියවර ගන්නා ලෙස ජල සම්පාදන ඇමැති වාසුදේව නානායක්කාර මහතා ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයට උපදෙස් ලබා දී ඇත.

විෂය භාර ඇමැති වාසුදේව නානායක්කාර මහතාගේ උපදෙස් මත ජල සම්පාදන මණ්ඩලයේ පිරිසක් කටාන ජල ව්‍යාපෘතියෙහි නිරීක්ෂණ චාරිකාවකද නිරත විය.

කටාන ප්‍රදේශයේ ජනතාවගේ පානිය ජල අවශ්‍යතාව සපුරාලීම වෙනුවෙන් මේ ජල ව්‍යාපෘතිය 2012 වසරේදී එවකට ජනාධිපතිවරයා වූ මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේදී මේ ජල ව්‍යාපෘතිය ආරම්භ විය.

කැලණි ගංගාවේ දකුණු ඉවුර ජලසම්පාදන ව්‍යාපෘතිය යටතේ කටාන දකුණ ජල සම්පාදන ව්‍යාපෘතියත් කටාන උතුර හා මධ්‍යම ජල සම්පාදන ක්‍රම සඳහා ඔය මඟින් ජලය ගෙන යෑම ද ආරම්භ විය.

ගම්පහ දිස්ත්‍රීක්කයේ කටාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දැනට නළජල සැපයුම් ලබා දී නොමැති ග්‍රාම සේවා වසම් 46ක් ආවරණය වන පරිදි කටාන උතුර, කටාන මධ්‍යම, කටාන දකුණ ලෙස කලාප තුනක් යටතේ එහි ජීවත්වන ජනතාවට ආරක්ෂිත පිරිසුදු පානීය ජලය සැපයීමට කටාන ජල ව්‍යාපෘතිය මඟින් සිදු කිරීමට නියමිතය.

ව්‍යපෘතියේ මුළු පිරිවැය රුපියල් මිලියන 11795ක් වන අතර චීන සංවර්ධන බැංකුව සහ ලංකා බැංකුවේ ණය අධාර යටතේ සහ ශ්‍රී ලංකා රජයේ රුපියල් මිලියන 2031 ක් අරමුදල් සපයා ඇත.

මේ ව්‍යාපෘතියේ ප්‍රධාන ජල මූලාශය කැලණි ගඟ දකුණු ඉවුර ජල පවිත්‍රාගාරය වේ. කැලණි ගගේ දකුණු ඉවුර මඟින් ඝන මීටර 11,000ක් සහ බම්බුකුලිය ජල පොම්පාගාරය මඟින් ඝන මීටර 4,500ක් වන ජල සැපයුම මත සැලසුම් කර තිබේ.

මේ ව්‍යාපෘතියේ ප්‍රතිලාභීන් සංඛ්‍යාව 2020 වන විට ජනගහනය 156,800ක් වන අතර, 2035 වන විට ජනගහනය 208,000, 2020 දී නව සම්බන්ධතා 20,000ට පමණ ජල පහසුකම් සැපයීම මේ ව්‍යාපෘතියේ අරමුණයි.

කටාන ජල සම්පාදන ව්‍යාපෘතියට සම්ප්‍රේෂණය හා බෙදාහැරීමේ නළ මාර්ග 252 Km වන අතර, ඝන මීටර් 2000ක වපසරියකින් යුත් ජල කුලුනු තුනක් බම්බුකුලය, තිඹිබිරිගස්කටුව, ආඬිඅම්බලම පිහිටා ඇත. බම්බුකුලිය පැරණි ජල යෝජනා ක්‍රමයෙන් ප්‍රතිලාභ මගහැරුණු ජනතාවට ජලය ලබා දීමට බම්බුකුලිය ජල කුළුනෙන් හැකි වන අතර බම්බු කුලියහි පොම්පාගාරයේ ගබඩා ගොඩනැගිලි සහිත දෙමංහන්දිය සහ රන්දොළුව හි පිහිටි කළමනාකරණ කාර්යාල ගොඩනැගිලි දෙකක්, කළමනාකරණ නිල නිවාසයක් සහ මෙහෙයුම් නිවාස 03 ක්, ටැංකි සහිත (Surge Tank) ද්විතීයික පොම්ප කට්ටල 06ක් ස්ථාපනය කෙරේ.

 

ස්වර්ණා විජේකෝන්

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();