Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පර්යේෂණ ඹස්සේ ගැටළු වලට විසදුම්- රාජ්‍ය ඇමතිනී සීතා අරඹේපොල

ජනතාවට බලපාන ගැටළු හඳුනාගනිමින් ඒවාට විසඳුම් සෙවීමට විද්‍යාත්මක පර්යේෂණ සිදුකළ යුතු බව නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය ඇමතිනී සීතා  අරඹේපොල මහත්මිය ප්‍රකාශ කරයි
 
අමාත්‍යවරිය මේ බව පැවසූවේ පසුගිය දින මාළඹේ කාර්මික තාක්ෂණ ආයතනයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමිනි
 
මෙම නිරීක්ෂණ චාරිකාවේ දී එම ආයතනය තුළ සිදු කෙරෙන පර්යේෂණ කටයුතු හා  නව පර්යේෂණ දැනුම තුළින් නිර්මාණය කරන ලද අගය එකතු කළ නිෂ්පාදන අමාත්‍යතුමියගේ විශේෂ අවධානයට යොමු වූ අතර, පර්යේෂණ සංකීර්ණයේ ස්ථාපනය කෙරෙන චීන ශ්‍රී ලංකා ඒකාබද්ධ ජෛව තාක්ෂණ විද්‍යාගාර ව්‍යාපෘතිය යටතේ, නිර්මාණය වන ශාකසාර ඹෟෂධ නිෂ්පාදන පර්යේණාගාරයේ අවසන් අදියරේ  ඉදිකිරීම් ආරම්භය ද අමාත්‍යතුමියගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.
 
මෙහි දී වැඩි දුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරිය ප්‍රකාශ කලේ අපේ පර්යේෂණ ආයතන වල විද්‍යාඥයින් මහත් පරිශ්‍රමයකින් විද්‍යාත්මක සිදුකරන අතර එම පර්යේෂණ හරහා ගොඩනැගෙන දැනුම පොදු ජනතාවගේ ජීවන තත්වය ඔසවා තැබීමට කොතරම් බලපානවා ද, රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට ලබා දෙන දායකත්වය කොතරම් ද  යන්න විමසා බැලිය යුතු බවයි.
 
මෙම පර්යේෂණ වල ඉලක්කය  විය යුත්තේ ජනතාවගේ ගැටළු වලට තිරසාර විසඳුම් ලබා දීම බව ද වැඩිදුරටත් ප්‍රකාශ කළාය
 
   

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();