Ticker

6/recent/ticker-posts

Header Ads Widget

රිෂාඩ් තෙවන දිනටත් පොලිස් ඒකකයට

හිටපු කර්මාන්ත හා වාණිජ කටයුතු ඇමැති පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා සහ ජාතික තවුහීද් ජමාත් සංවිධානයේ න්‍යායාචාර්යවරයා ලෙස සැක කෙරෙන නවුෆර් මව්ලවි අද (16) කොමිසමේ පොලිස් ඒකකයට පැමිණියේය.
 
පාස්කු කොමිසමේ පොලිස් ඒකකයෙන් සිදු කළ දැනුම් දීමකට අනුව මොවුන් දෙදෙනා පෙරවරු 9.30ට පමණ පොලිස් ඒකකයට පැමිණ තිබේ.
 
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් රඳවා ප්‍රශ්න කරමින් සිටින නවුෆර් මව්ලවිවරයා අද (16) දෙවැනි දිනටත් ප්‍රකාශයක් දීම සඳහා පැමිණ තිබූ අතර ඊයේ (15) මවුලවිවරයා පැය 6ක පමණ ප්‍රකාශයක් ද රිෂාඩ් බදියුදීන් මහතා පැය 7ක පමණ ප්‍රකාශයක්ද ලබා දීමෙන් අනතුරුව පොලිස් ඒකකයෙන් පිටව ගොස් තිබිණි.
 
පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා  අද තෙවන දිනටත් පොලිස් ඒකකයට පැමිණ තිබුණි.
 
සුභාෂිණී සේනානායක
 
 
 
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();