Ticker

6/recent/ticker-posts

Header Ads Widget

යොෂිහිඩ් සුගා ජපාන නව අගමැති ලෙස තේරී පත්වෙයි

හිටපු අගමැති ෂින්සෝ අබේගේ ඉල්ලා අස්වීමෙන් පසු ජපානයේ පාර්ලිමේන්තුව විසින් එරට නව අග්‍රාමාත්‍යවරයා ලෙස යොෂිහයිඩ් සුගා තෝරාගෙන ඇත.
 
හිටපු අග්‍රාමාත්‍යවරයාගේ සමීප මිතුරෙකු වන නව අගමැතිවරයා, හිටපු අගමැතිවරයාගේ ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යනු ඇතැයි එරට ජනතාව අපේක්ෂා කරයි.
 
අසනීප තත්ත්වය සඳහන් කරමින් ෂින්සෝ අබේ පසුගිය මාසයේදී සිය ඉල්ලා අස්වීම නිවේදනය කළේය.
 
ජපානයේ පහළ මන්ත්‍රණ සභාව වන ඩයට් හි පැවති ඡන්ද විමසීමේදී 462 න් 314 ක් ලබා ගනිමින් සුගා මහතා පහසුවෙන් අගමැති ධුරය සඳහා ජයග්‍රහණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();