Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මංතීරු නීතිය කඩකරන්නන්ට හෙට සිට දඩ

මංතීරු නීතිය කඩකරන රියැදුරන්ගෙන් හෙට(17) සිට දඩ අය කරන බව පොලීසිය ප්‍රකාශ කරයි
 
මේ අනුව මංතීරු නීතිය කඩකරන රියැදුරන්ගෙන්, රුපියල් 2,000ක දඩයක් අය කරන බව රථ වාහන කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික හපුගොඩ මහතා ප්‍රකාශ කරයි.
 
මේ අතර, ක්‍රියාත්මක මංතීරු නීතිය පිළිබඳ සොයා බැලීමට යුද හමුදා පොලීසිය යොදවා තිබේ.
 
තෝරාගත් ස්ථාන 20 ක යුද හමුදා පොලිස් නිලධාරීන් අනියුක්ත කර ඇත
 
මීට අමතරව මංතීරු නීතිය ක්‍රියාත්මක මාර්ගවල තත්ත්වයන් අධ්‍යනයට ගුවන් හමුදා ඩ්‍රෝන යානා සහිත කණ්ඩායම් 04ක් ක්‍රියාත්මක බව ද පොලීසිය පැවසුවේය.
 
මංතීරු නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය වුවහොත් ත්‍රිවිධ හමුදා සාමාජිකයින් සහභාගී කරගැනීමට කටයුතු කරන බව ද, ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();