Ticker

6/recent/ticker-posts

Header Ads Widget

විදෙස් බුද්ධි අංශයකින් ලැබුණු ප්‍රහාරයක තොරතුරු පොලිස්පතිගේ වාර්තාවලට ඇතුළත් කර ගෙන නෑ

  • ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ අනාවරණය වෙයි
  • පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන විමර්ශනය කරන ජනාධිපති කොමිසම

ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයට සහ කතෝලික පල්ලිවලට ප්‍රහාරයක් එල්ල විය හැකි බවට 2019 අප්‍රේල් 04 වැනිදා සහ 05 වැනිදා ලිඛිතව විදෙස් බුද්ධි අංශයකින් ලැබුණු තොරතුර රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා අප්‍රේල් මස 17,18 යන දිනයන්හි පොලිස්පතිවරයාට යොමුකළ වාර්තාවලට ඇතුළු කර නැති බව ඊයේ (15) පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ අනාවරණය විය.

හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනුර මැද්දෙගොඩ මහතාගේ හරස් ප්‍රශ්න විමසීමේදී ඒ මහතාට යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා 23 වැනි දිනටත් සාක්ෂි ලබා දෙමින්මේ බව පැවසුවේය.

එම වාර්තා තුළ සහරාන් හෂීම් ගැන සහ ඔහුගේ සමීපතමයන් පිළිබඳ තොරතුරු වර්තා කර තිබූ බවද නිලන්ත ජයවර්ධන මහතා පැවසුවේය.

අප්‍රේල් 04 වැනිදා ලද තොරතුරට අනුව 17,18,19 20 යන දිනයන්හි පොලිස්පතිවරයා වෙත රාජ්‍ය බුද්ධි සේවය විසින් යොමු කරන ලද වාර්තාවන්හි ප්‍රහාරයක් සම්බන්ධයෙන් නිශ්චිත තොරතුරු ලබා දී නොතිබුණද සහරාන් හෂිම්ගේ මානසික අංගයන් සම්බන්ධයෙන් පෙර සිටම වාර්තා කර තිබූ බව ජයවර්ධන මහතා කොමිසම හමුවේ කියා සිටියේය.

නිශ්චිත තොරතුරු සඳහන් කර නොමැති වුවත් සහරාන් හෂීම් යම් කිසි දෙයකට සැරසෙන බව 18,19 වාර්තා වල කියා ඇති බවද නිලන්ත ජයවර්ධන මහතා ජනාධිපති නීතිඥවරයාගේ හරස් ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් .පැවසුවේය.

18 වැනිදා පෙරවරු 12.00 වනාතවිල්ලුව පිපිරීම සහරාන් හෂීම් ගේ Dry run එකක් බව හඳුනාගෙන ඊට අදාළ රාජ්‍ය බුද්ධි සේවය විසින් පොලිස්පතිවරයා වෙත වාර්තා කර තිබේනවා.ඒ වන විටත් සහරාන් හෂීම් අත්අඩංගුවට ගත හොත් විය හැකි අනතුරක් වළක්වා ගැනීමට හැකියාව තිබුණු බව තමන් පෙන්වා දී තිබුණු බව නිලන්ත ජයවර්ධන මහතා කියා සිටියේය.

18 වැනිදා වන විට ප්‍රහාරයක් සම්බන්ධයෙන් නිශ්චිත ලෙස දැන සිටියා නම් ආරක්ෂක මණ්ඩලය රැස්කරන ලෙස ආරක්ෂක ලේකම්වරයාගෙන් ඉල්ලීමක් කරන්න තිබුණා නේද? යනුවෙන් මෙහිදී කොමිසමේ විනිසුරුවරයෙකු සාක්ෂිකරුගෙන් විමසුවේය.

ඊට පිළිතුරු දෙමින් නිලන්ත ජයවර්ධන මහතා පැවසුවේ බුද්ධි සේවයකට සියයට සියයක් සාක්ෂි තහවුරු කරගැනීමට නොහැකි නමුත් අනතුර වටහා ගෙන සිටි නිසා සහරාන් හෂීම් අත්අඩංගුවට ගන්නා ලෙස තමන් අදාළ පාර්ශ්ව වෙත දැනුවත් කළ බව කිවේය.

කොමිසමේ සභාපති විනිසුරුවරයා

මේ තොරතුරු ලැබී තිබුණේ තමන්ට නිසා ඒ මොහොතේ ආරක්ෂක කවුන්සිලය රැස්කරන්න කියල ආරක්ෂක ලේකම්ගෙන් ඉල්ලා සිටියේ නද්දා?

සාක්ෂිකරු :

'එහෙම දෙයක මගේ මනසට ආවේ නැහැ. මට අවශ්‍ය වුණේ අනතුර වළක්වා ගන්න. නමුත් මම ආරක්ෂක ලේකම්ට යෝජනා කළේ නැහැ ආරක්ෂක මණ්ඩලය කැඳවන්න කියලා.

ජනාධිපති නීතීඥ අනුර මැද්දෙගොඩ මහතා

2018 ඔක්තෝබර් සිට ප්‍රහාරය සිදුවනතෙක් පොලිස්පතිවරයා ආරක්ෂක මණ්ඩල රැස්වීමට කැඳවා නැති බව තමන් දන්නවා නේද?

සාක්ෂිකරු

මම එය දන්නවා.

ජනාධිපති නීතිඥවරයා

යළිත් පොලිස්පතිවරයා ආරක්ෂක මණ්ඩලය වෙත කැඳවා තිබුණේ ප්‍රහාරයෙන් පසු අප්‍රේල් 22 වැනිදා බව දන්නවාද යනුවෙන් සක්ෂිකරු

සාක්ෂිකරු

දන්නවා

අප්‍රේල් 04 වැනිදා විදෙස් බුද්ධි සේවාවකින් ලද තොරතුර සම්බන්ධයෙන් ජාතික බුද්ධි ප්‍රධානී විසින් හිටපු පොලිස්පතිරයා වෙත යවන ලද වාර්තාවක් අනුව හිටපු පොලිස්පතිවරයා විසින් සිය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු සිව් දෙනෙකුට යවා තිබෙන බව ජනාධිපති නීතිඥවරයා කොමිසමේ අවධානයට යොමුකළේය.

ජනාධිපති නීතිඥවරයා:

පොලිස්පතිතුමා විසින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හතර දෙන වෙත යොමුකරන ලද තොරතුර ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් මහතා විසින් ලබා දී ඇති තොරතුරු වුවක් නේද?

සාක්ෂිකරු:

එහෙමයි ස්වාමීනි

ජනාධිපති නීතිඥවරයා :

එම තොරතුරු ඔබ විසින් ජාතික බුද්ධි ප්‍රධානී වෙත යවන ලද ඇමුණුම් සහිත ලේඛනයේ ප්‍රධාන කරුණු සියල්ලම ජාතික බුද්ධි ප්‍රධානී විසින් පොලිස්පතිවරයා වෙත යොමුකර තිබෙන බව පිළිගන්නවාද?

සාක්ෂිකරු :

ප්‍රධාන කරුණු අඩංගු වෙනවා.

ජනාධිපති නීතිඥවරයා : ජාතික බුද්ධි ප්‍රධානී පොලිස්පතිට දැනුම් දී තිබෙනවා මෙම තොරතුරු සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන අධිකාරයන් දැනුවත් කර ඒ ගැන අවධානයෙන් ඉන්නා ලෙස දැනුම් දී තිබෙනවා නේද? පොලිස්පතිවරයා සඳහන් කරන පරිදි එම නිලධාරීන් යම් යම් ක්‍රියාමාර්ග ගත් බවට ඔබ දැනුවත්ද?

සාක්ෂිකරු: පෞද්ගලිකව දන්නේ නැහැ. ක්‍රියාමාර්ග ගන්න ඇති කියලා හිතනවා.

කොමිසම

අප්‍රේල් 04 වැනිදා විදෙස් බුද්ධි අංශයක් වෙතින් ලද තොරතුරුවල අඩංගුව තිබූ වැදගත් පල්ලි ප්‍රහාරයක ඉලක්කයක් විය හැකිව තිබූ අතර එය රාජ්‍ය බුද්ධි සේවය විසින් ප්‍රසිද්ධ පල්ලි ලෙස පරිවර්තනය වී තිබුණ අතර එලෙස පරිවර්තන වූයේ කුමන අවස්ථාවකදීද

සාක්ෂිකරු - වැදගත් ලෙස යන්න සැලකීමේදී එය පුළුල් පරාසයක විහිදෙන හෙයින් තොරතුරුකරු සමඟ කළ සාකච්ජාවෙන් අනතුරුව එය ප්‍රසිද්ධ පල්ලි ලෙස දැක්වීමට තමන් කටයුතු කළ බවයි.

කොමිසම

ප්‍රසිද්ධ පල්ලි ලෙස දැක්වීමේදී තමන්ගේ මනසට නැගුණේ කුමන පල්ලියද

සාක්ෂිකරු-කොච්චිකඩේ පල්ලිය බවයි.

ජනාධිපති නීතිඥවරයා : වැදගත් පල්ලි ඉලක්ක කරගෙන ප්‍රහාරයක් එල්ල වෙන බවට තොරතුරු ලද පසු එය කුමනාකාර පල්ලිද යන්න මනසට නැගුණේ නැද්ද?

සාක්ෂිකරු : මගේ මනසට එන එක කොලවල ලියන්න බැහැ.

ජාන්ධිපති නීතිඥවරයා : කොළවල ලියන එක නෙවෙයි සාක්ෂිකරු මම ඇහුවේ මනසට නැගුණ දේ ගැන?

සාක්ෂිකරු : නැවත ප්‍රශ්න යොමුකරන්න

ජනාධිපති නීතිඥවරයා:වැදගට්ය් පල්ලි කියද්දී මනසට ඒ පල්ලි මොනවද කියල ආකර්ෂණය වුණේ නැද්ද?

සාක්ෂිකරු :මනසට ආකර්ෂණය වුණා. සමහර ඒවා ප්‍රසිද්ධ පල්ලි. සමහර ඒවා ප්‍රසිද්ධ නොවුණත් සෙනග එන පල්ලි.මෙම ප්‍රහාරයක් විය හැකි බවට අප්‍රේල් 04 වැනිදා ලද තොරතුරු කිසිවෙකුගෙන් සඟවා නොමැති අතර එය අදාළ පාර්ශව වෙත යොමුකර කළා. එය බලා තීරණ ගැනීමට හැකියි.

ජනාධිපති නීතිඥවරයා

Important churches කියලා ලැබුණු බුද්ධි තොරතුරු ප්‍රසිද්ධ පල්ලි කියලා වෙනස් කිරීමක් කරලද දැනුම් දුන්නේ.

හිටපු රාජ්ය බුද්ධි අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා

Original copy එකත් යොමු කළා.

ජනාධිපති නිතිඥවරයා

මෙය මරාගෙන මැරෙන ප්‍රහාරයක් සම්බන්ධ තොරතුරක් නේද

සාක්ෂිකරු

ඔව්. මරාගෙන මැරෙන ප්‍රහාරයක්.ක්‍රම 4ට අදාළව.

ජනාධිපති නිතිඥවරයා

මරාගෙන මැරෙන බෝම්බ කරුවෙක් ගේ මූලික අරමුණ මොකක්ද

සාක්ෂිකරු

අවස්ථාව ලදොත් මරාගෙන මැරෙන එක. ඒක ඔවුන්ගේ මානසිකත්වය අනුව වෙනස් වෙනවා.ඒකට මරාගෙන මැරෙන බෝම්බ කරුවෙක් වන ජමීල් ගේ ක්‍රියාව වෙනස් වෙනවා. ඔහුටත් මරාගෙන මැරෙන අදහස තිබුණා.

කොමිසම

ජමීල් ගේ අදහස ගැන කිව්වා. ඒ මොකක්ද

සාක්ෂිකරු

ජමීල් ගොඩක් අය මරාගෙන මැරුනෙ නෑ කියලා මම කිව්වේ. ඔහුට සෙනග ඉන්න තැනකට යන්න තිබුණා.

ජනාධිපති නීතිඥවරයා

ඔහු මොන අරමුණකින් ද ටාජ් හෝටලයෙන් පිටවෙලා ගියේ

සාක්ෂිකරු

Mission එක suicide attac එකක්නෙ. විවිධ කතා තියෙනවා

ජනාධිපති නීතිඥවරයා

මොනවද ඒ කතා

සාක්ෂිකරු

ජමීල් විතරයි බෑග් එක ගැලෙව්වා. බෑග් එක ගලවලා උකුලට ගත්තා අන්තිම බඩු ටික ගත්තේ 18 වෙනිදා.සුවිසයිඩ් ජැකට් එක බදින තැන අනුව වෙනස් වෙනවා. මට ටෙක්නිකල් තත්ත්වය කියන්න බෑ. Maximum damageඑකක් නම් හිටගෙන කරන්න පුළුවන්. කොමිසම

මේ අයව යම් කෙනෙක් මෙහෙයවූ වාද

සාක්ෂිකරු

සියලු දෙනාවම මෙහෙයවන්න ඇති. මිස් වුණොත් යම් තැනකට එන්න කියා තිබුණා. එතන ඒ අය හිටියේ නැති බව දැනගත්තා.

සභාපති විනිසුරු වරයා

ටාජ් සමුද්‍රා හෝටලයේ CCTV දර්ශන නැවත සාක්කගෂිකරුට පෙන්වන ලෙස නියෝග කරමි.

ජනාධිපති නිතිඥවරයා

ජමීල් ටාජ් සමුද්‍රා හෝටලයේ පුපුරුවා ගත්තාය

සාක්ෂිකරු

පුපුරුවා ගත්තේ නැද්ද පිපුරුණේ නැද්ද කියලා දන්නේ නැහැ.

අතිරේක සොලිසිටර් ජෙනරාල් වරිය

හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර මහතා වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නිතිඥවරයා සාක්ෂිකරුගෙන් හරස් ප්‍රශ්න විමසීමේදී ජමීල් නැමැති ඝාතකයා සම්බන්ධයෙන් ප්‍රශ්න කළා.සාක්ෂිකරු රාජ්‍ය බුද්ධි සේවාවේ අධ්‍යක්ෂවරයා. මෙම පරීක්ෂණ සිදු කරන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන්. එම පරීක්ෂණ මේ වනවිටත් සිදු කෙරෙනවා. විමර්ශන අවසන් නැති නිසා නිගමනයන්ට එළැඹීමෙන් යම් අගතියක් විය හැකියි. මේ සම්බන්ධයෙන් කොමිසමේ අවධානය යොමු කරනවා.

නිතිඥවරයා

කොමිසමට සහාය වීම අපේ අරමුණයි. ජමීල් නැමැත්තා ගැන සාක්ෂිකරුගේ පිලිතුරෙන් අනාවරණය වූ ප්‍රශ්නයක් තමයි යොමු කළේ. මෙම කුරිරු ප්‍රහාරය විමර්ශනයට හානිවන ලෙස හෝ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන ලෙස කිසිදු ප්‍රශ්නයක් අසා නැහැ. අසන්න බලාපොරොත්තු වෙන්නේ ක් නෑ.

කොමිසම

තම සේවාදායකයාගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට අනුව ප්‍රශ්න ඇසීමට ඉඩ දෙමි

ජනාධිපති නීතිඥවරයා

ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයට සහ කතෝලික පල්ලි වලට ඉලක්ක කරගෙන ප්‍රහාරයක් එල්ල වන බවට අප්‍රේල් 09 වනද බුද්ධි තොරතුරු ලැබී තිබුණා නේද

සාක්ෂිකරු

අපිට එය නිරීක්ෂණය වුනේ නෑ

නිතිඥවරයා

වැදගත් පල්ලි කියලා ලැබුණු තොරතුරු කතෝලික පල්ලි කියලා වාර්තා කළාද

සාක්ෂිකරු

තොරතුරු ලැබී තිබුනේ නැහැ

කොමිසම

තොරතුරු වර්ගීකරණය කරන්නේ කොහොමද

සාක්ෂිකරු

වර්ගීකරණය කියලා ඉල්ලන්නේ නැහැ. විදේශ බුද්ධි සේවයෙන්

ජනාධිපති නිතිඥවරයා

කාතන්කුඩි යතුරුපැදිය පුපුරුවා හැරීමට අදාළව අප්‍රේල් 18දා පොලිස්පති වරයාට වාර්තාවක් යොමු කළාද

සාක්ෂිකරු

එසේය

ජනාධිපති නීතිඥවරයා

අප්‍රේල් 19දා සහ 20දාභපොලිස්පතිවරයා වෙත වාර්තාවක් යොමු කළාද

සාක්ෂිකරු

එසේය

ජනාධිපති නීතිඥවරයා

මෙම වාර්තාවල අප්‍රේල් 04වට්ස් ඇප් මගින් සහ 05වනදා ලිඛිතව විදේශ බුද්ධි අංශ වලින් ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයට සහ ප්‍රසිද්ධ පල්ලි වලට ප්‍රහාරයක් කරන බවට ලැබුණු ප්‍රහාරයට අදාල තොරතුරු පොලිස්පති වරයාට අප්‍රේල් 18,19,20 යොමු කට වාර්තාවල සදහන් කළේ නැහැ නේද

සාක්ෂිකරු

මම ඒ යෝජනාව ප්‍රතික්ෂේප කරනවා. 17සවස යතුරුපැදිය පිපිරීමට අදාළ විමර්ශන කරන එක පොලීසියේ වගකීමක්. මම කණ්ඩායමක් යැව්වා. මේ නිසා ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයට පල්ලි වලට ගහයි කියා හිතන්න බෑ. දීර්ඝ කාලයකට පසුව කට පිපිරීමක් සිතා විමර්ශන කළා. මාවනැල්ල බුදුපිළිම කැපීමේ සිද්ධිය සම්බන්ධයෙන් දහරාවක් හා කණ්ඩායම සම්බන්ධයෙන් දැන්වූවා.මේ අය පිපිරීම අත්හදා බලා තිබෙනවා. ඒ බව දැනුම් දුන්නා. දහරාවක් කතා නායකයා ගැන 2018.02.24,ග සහ 2018.05.23 වාර්තා මගින් දැන්වූවා.දෙසැම්බර් 26සිට රාජ්‍ය බුද්ධි සියලු තොරතුරු දුන්නා. මේ වාර්තා පොලිස්පති.අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවට දැනුම් දන්නා.පොලිස්පතිට යවන නිසා යටි තොරතුරු මම යැව්වේ නැහැ.වෙන කෙනෙකුට නම් ලියන්න තිබුණා.

නිතිඥවරයා

අබ්දුල් ලතීෆ් මොහොමඩ් සාෆි යන අය අලියාර් සිද්ධියට් පසුව එහි සිටින බව ඔහුගේ බිරිය දරුවන් බැලීමට මැදවච්චියට යන බව ඔහු එක්දින සේවයෙන් විදේශ ගමන් බලපත්ර අරගෙන ඇති බව දැනුම් දුන්නාය

සාක්ෂිකරු

එසේය

ජනාධිපති නීතිඥවරයා

ඔබ ප්‍රහාරයට පෙර අප්‍රේල් 17,18,19,20පොලිස්පතිවරයාට යොමු කළ වාරිතාවේ ප්‍රහාරය ගැන ලැබුණු බුද්ධි තොරතුරු දැනුම් නොදුන් බව පිලිගන්නවා

සාක්ෂිකරු

පිළිගන්නවා. ඒත් මම සහරාන් ගැන දැන්වූවා.සහරාන්ගේ සම්පූර්ණ ගොනුව මම යැව්වා. අද වනවිට ඒ අය අතරින් බොහෝ දෙනෙක් මැරිලා.පිපිරීම, නායකයා, අතිහදා බැලීම සහ වලල්ල සම්බන්ධයෙන් මම දැන්වූවා. රිල්වාන්, සයිනි, ගෆූර් නානා, කාදියා පුලස්තිනි වැනි අය ගැන මම වාර්තාවල සඳහන් කළා. මේ ගැන විමසීමක් අවශ්‍ය නම් මට ඒ වාර්තාව යැවූ අප්‍රේ 09 වනදායින් පසු මට එන්න කියන්න පොලිස්පතිතුමාට තිබුණා එහෙම කැඳවීමක් අප්‍රේල් 18 වනතෙක් සිදු කළේ නැහැ.සහරාන් අත්අඩංගුවට ගන්න කියා මම කිව්වා. අප්‍රේල් 04 තොරතුර ගැන මගෙන් පොලිස්පතිවරයා විමසුවේ නැහැ.

කොමිසම

අප්‍රේල් 09 යැවූ ලිපියේ මේ ප්‍රහාරය ගැන නැහැ නේද?

සාක්ෂිකරු සහරාන් ගැන තොරතුරු දැනුම් දුන්නා. සියලු අන්‍යාගමිකයන් ඝාතනය කරමින් ඉස්ලාම් අගාම වර්ධනය කිරිමට අනුගාමිකයන් අභි‍ප්‍රේරණය කරන බව මම දැන්වූවා. පොලිසියේ කයෙිතරම් අංශ තිබෙනවාද මේ ගැන පරීක්ෂන කරන්න .ඒ දේ සිදුවුණේ නැහැ. අවශ්‍යතාව තිබුණා නම් මගෙන් විමසන්න තිබුණා.

කොමිසම

ISIS සම්බන්ධයක් තිබු බව අප්‍රේල් 04 තොරතුරට අනව වැටහුණාද?

සාක්ෂිකරු

අපි හිතුවේ නැහැ. තොරතුරු නිශ්චිතව හදුනා නොගත්තාට මේ පිරිසට මානසික අංග තිබෙන බව මා දැන්වූවා. වනාතවිල්ලුව සිද්ධියෙන් පසුව physical අංග ගැන දැන්වූවා. සහරාන්ගේ සොයුරු සයිනි, හක් බ්‍රදර්ස් සමග සහරාන් සිටි බවත් මේ පිරිස කඩාකප්පල්කාරි ක්‍රියාවන් සහ අන්තවාදී ක්‍රියාවන් කරන බවට මම දන්වා තිබෙනවා.

ජනාධිපති නීතිඥවරයා

අ‍ප්‍රේල් 17,18, 19, 20 යන දිනවල පොලිස්පතිවරයාට යැවූ වාර්තාවවල මේ ප්‍රහාරය ගැන දැන්වූයේ නැහැ කියා මා ඔබට යෝජනා කරනවා.

සාක්ෂීකරු ඒ යෝජනාව මම සම්පූර්ණයෙන් පතික්ෂේප කරන්නේ නැහැ. ඉන්දියානු මහාකොමසාරිස් කාර්යාලය ගැන නොදැන්වූවාට සහරාන් යම් කියාවන්ට සූදානාම් බව මම දන්වා තිබෙනවා.

ජනාධිපති නීතිඥවරයා

හිටපු පොලිස්පතිවරයා 2018 ඔක්තෝ­්බර් මාසයෙන් පසුව ආරක්ෂක මණ්ඩල රැස්වීමට සම්බන්ධ නොවු බව දන්නවාද?

සාක්ෂීකරු

ඔව්

නිලන්ත ජයවර්ධන මහතාගෙන් ඊයේ (15) දිනට සාක්ෂි වමිසීඹ අවසන් කළ අතර අද (16) යළි ඒ මහතාට කොමිසම හමුවේ පෙනි සිටින ලෙස කොමිසම අවවාද කළේය.

කොමිසම අද (16) යළි රැස් වේ.

සුභාෂිණී සේනානායක


Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();