Ticker

6/recent/ticker-posts

Header Ads Widget

නයෝමි ඔසාකා අමෙරිකානු කිරුළ දිනයි

අමෙරිකානු විවෘත ටෙනිස් තරගාවලියේ කාන්තා කේවල ශූරතාව දිනා ගැනීමට ජපානයේ නයෝමි ඔසාකා සමත් වූවාය.

මෙය නයෝමි දිනාගත් තෙවැනි ග්‍රෑන්ඩ් ස්ලෑම් කිරුළ වන අතර, දෙවැනි අමෙරිකානු කිරුළයි. මින් පෙර 2018 වසරේදී ඇය අමෙරිකාවේ සෙරීනා විලියම්ස් පරාජය කරමින් ශූරතාව දිනා ගත්තාය.

නිව්යෝක්හි පැවැති තරගාවලියේ අවසන් මහ තරගයේදී නයෝමි හමුවේ බෙලරූස් ක්‍රීඩිකා වික්ටෝරියා ඇසරෙන්කා පරාජයට පත් විය. තරගයේ පළමු වටය 1-6ක් ලෙස පහසුවෙන් ජය ගැනීමට ඇසරෙන්කා සමත් වුවද, තරගය අත් නොහැරි නයෝමි දෙවැනි සහ තෙවැනි වට 6-3ක් ලෙස ජය ගනිමින් ශූරතාව දිනා ගත්තාය. අමෙරිකානු තරගාවලියේදී ඇසරෙන්කාට අනුශූරතාව හිමි වූ තෙවැනි අවස්ථාව මෙයයි.

මේ තරගාවලිය අතරතුර අමෙරිකාවේ ජාතිවාදයට සහ පොලිස් ක්‍රියාකාරිත්වයට එරෙහිව විරෝධය පළ කිරීම සඳහා පසුගිය දිනවල පොලිස් වෙඩි පහරින් මිය ගිය පුද්ගලයන්ගේ නම් සහිත මුඛ ආවරණ පැලඳීමට ද නයෝමි කටයුතු කර තිබිණි.

මේ අතර, තරගාවලියේ පිරිමි කේවල ඉසවුවේ අවසන් තරගය අද (14) ඩොමිනික් තීම් සහ ඇලෙක්සැන්ඩර් ස්වෙරෙව් අතර පැවැත්වේ.

ලෝක ටෙනිස් පිටියේ ශ්‍රේණිගත කිරීම්වල තෙවැනි ස්ථානය තීම්ට හිමිව ඇති අතර, ස්වෙරෙව් 7 වැනි පසු වෙයි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();