Ticker

6/recent/ticker-posts

Header Ads Widget

සජිත් සමඟ වැඩ කරන්න මම සූදානම්

විපක්ෂයේ වැඩ කටයුතුවලදී සමඟි ජන බලවේගය සමඟ එකට වැඩ කිරීමට තමා සූදානම් බවත් එහි කිහිප දෙනකු පසුගිය දින කිහිපය තුළ තමා සමඟ සාකච්ජා පැවැත්වූ බවත් එක්සත් ජාතික පක්ෂයේ නව නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.

නියෝජ්‍ය නායක ධූරය ලැබීමෙන් පසු ආශිර්වාද ලබා ගැනීම සඳහා ඊයේ (15) කොළඹ හුණුපිටිය ගංගාරාමයට ගොස් ආගමික වතාවත්වල නිරත වීමෙන් පසු මාධ්‍ය අමතමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

ගංගාරාම විහාරාධිකාරී ආචාර්ය කිරින්දේ අස්සජි හිමියන් ඇතුළු මහා සංඝරත්නය රුවන් විජයවර්ධන මහතාට ආශිර්වාද කරමින් ආගමික වතාවත් සිදු කළහ.

තවදුරටත් ඒ මහතා මෙසේද පැවසීය.

එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්ව සමගි ජන බලවේගයට එක් වූ අයගේ තවමත් හිතේ තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂයයි. ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයට පත්ව යෑමට තමාගේ අදහසක් නොමැති බවත් සිය අරමුණ පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු ආරම්භ කිරීම බවත් පැවසූ විජයවර්ධන මහතා ඉතා ඉක්මනින් කෘත්‍යාධිකාරී මණ්ඩලය සමඟ සාකච්ඡා කර සුදුස්සකු පාර්ලිමේන්තු පුරප්පාඩුවට නම් කර යවන බවද කීය.

දැවැන්ත පක්ෂය යළි නිසි තැනට ඔසවා තැබීමට විශාල කාර්ය භාරයක් තිබෙනවා. ඒ සඳහා කැප වී වැඩ කිරීමට මා සූදානම්.

පක්ෂයේ සියළු දෙනාම එකමුතුව තබා ගෙන පක්ෂය ශක්තිමත් කිරීම මගේ අරමුණයි. පක්ෂය ඉදිරියට ගෙන යාමට සියළු දෙනා අවශ්‍යයි. පක්ෂය සම්පූර්ණයෙන්ම ප්‍රතිසංවිධානය කර අලුත් මුහුණුවරක් ගෙන ඒමට තරුණ නායකත්වයක් අවශ්‍ය බව වැඩි දෙනා අදහස් කළා.

19 වැනි සංශෝධනයේ අඩුපාඩු තියෙනවා. සෝභිත නාහිමිගේ ප්‍රධානත්වයෙන් එය ගෙන ආවේ පාර්ලිමේන්තුවට වැඩි බලතල දී ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමටයි. මේ ආණ්ඩුව තුළම 20 වැනි සංශෝධනයට විරෝධය පළ වී තිබෙනවා. 20 වැනි සංශෝධනය රටට අහිතකර බව මගේ විශ්වාසයයි. එයට එරෙහිව අප ඉදිරියේදී සටන් කරන්න සුදානම්. 19 නිසා ප්‍රශ්න ඇති වුණේ ජනාධිපතිතුමා අපේ අගමැතිතුමා සමඟ ඇති වූ විරසකයයි. ඒ අඩුපාඩු හදා ගත හැකියි. 19 ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරිමට හැකි සංශෝධනයක්.

එ් පිළිබඳව හොඳ දැනුමක් රනිල් වික්‍රමසිංහ මහතාට තිබෙනවා. 19 අඩුපාඩු පිළිබඳව ආණ්ඩුව සමඟ සාකච්ජා කරන්න අප සුදානම්.දෙසැම්බර් මස වන විට කෘත්‍යාධිකාරී මණ්ඩලයේ විශ්වාසය මා කෙරෙහි ලැබුණොත් නායකත්වය භාර ගැනීමට මා සුදානම්.

රවි කරුණානායක මහතා පක්ෂයෙන් ඉවත් වෙන්නේ නැහැ.ඔහු පක්ෂය වෙනුවෙන් විශාල කැපවීමක් කර ඇති පරිනත දේශපාලඥයෙක්. එතුමාගේ දැනුම සහ ක්‍රියාශිලීත්වය පක්ෂයට අවශ්‍යයි.

සමගි බලවේගයේ සිටින්නේ එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්ව ගිය කණ්ඩායමක්. එහි සමහරුන් මා සමග සාකච්ඡා කළා. ඔවුනගේ තාමත් හිතේ තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂයයි. විපක්ෂයේ කටයුතුවලදී ඉදිරියේදී ඒ කණ්ඩායම සමග එකතු වී වැඩ කරන්න අප සුදානම්.

ශිරෝමි අබයසිංහ

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();