Ticker

6/recent/ticker-posts

Header Ads Widget

නව ජීවන රටාවක් උදෙසා ජනතාව දැනුවත් කිරීමේ ප්‍රචාරාත්මක වැඩසටහන ඇරඹෙයි

මෙරට කොව්ඩි-19 වෛරසය පාලනයට හා මැඩපැවැත්වීම සදහා අතිගරු ජනාධිපතිතුමා, අගමැතිතුමා, සෞඛ්‍ය අමාත්‍යතුමිය ඇතුළු සෞඛ්‍ය අංශ  එක්ව සාර්ථක වැඩපිළිවෙළක් දියත් කිරීමෙන් පසු රට තුල සාර්ථකව වෛරසය පාලනය කිරීමට හැකියාව ලැබුණි.
 
එලෙස ආරක්ෂා කර ගන්නා ලද රට ඉදිරියටත් කොවිඩ් වෛරසයක් ආරක්ෂා කර ගනිමින් පවත්වාගෙන යාමටත්, ජනතාවට වෛරසයෙන් ආරක්ෂාවීම පිළිබද දැනුම සහ උපදෙස් ලබාදීමටත් "නව ජීවන රටාවක් උදෙසා" (Towards a New Normal) යන තේමාව යටතේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරනු ලබන ප්‍රචාරත්මක වැඩසටහන ඊයේ දින (14) සෞඛ්‍ය අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේ දී සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් නිල වශයෙන් දියත් කරන ලදි.
 
මෙම වැඩපිළිවෙල මගින් නිපදවන ලද ප්‍රචාරණ දැන්වීම් සියළුම විද්‍යුත් මාධ්‍ය සහ මුද්‍රිත මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීම ඊයේ දින (14) සිට ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය අවධාරණය කරයි.
 
මෙම ප්‍රචාරාත්මක වැඩ සටහනට මුල්‍ය දායකත්වය "ඉටුකම" අරමුදල මගින් ලබාදෙන අතර, ලෝක සෞඛ්‍ය සංවිධානය සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් තාක්ෂණික දායකත්වය ලබාදෙනු ලබයි.
 
මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යතුමිය - "කොවිඩ් -19 රෝගය ශ්‍රී ලංකාව තුල, සමාජය තුල සම්ප්‍රේෂණය වීම මාස ගණනාවක් තිස්සේ සම්පූර්ණයෙන්ම වැළැක්වීමට අපි කටයුතු කර තිබෙනවා. රට ඇතුලේ කොවිඩ්-19 රෝගය නැහැ. දින 100 කට වැඩි කාලසීමාවක් තිස්සේ රට තුල රෝගය සම්ප්‍රේෂණය වීම නවතා තිබෙනවා. මේ තත්ත්වයෙන්ම රට ඉදිරියටත් පවත්වාගෙන යාම සදහා නව ජීවන රටාවකට ජනතාව හුරු විය යුතු වෙනවා. මෙම ප්‍රචාරක කටයුත්ත තුලින් අපි බලාපොරොත්තු වෙන්නේ මේ රෝගය බෝවීමෙන් අපි වැළැකුණේ සෞඛ්‍ය අංශවල උපදෙස් පිළිපැදීම  නිසා බව සහ තවදුරටත් මේ රට මෙම තත්ත්වයෙන් පවත්වාගෙන යාමට නම් ජනතාවගේ සහයෝගය අපට ලබාදීලා  මේ සෞඛ්‍ය අංශ ලබාදෙන උපදෙස් පිළිපැදිය යුතුයි කියන එක නිතර නිතර ජනතාවට මතක් කර දීමයි. එම උපදෙස් නිතර නිතර ජනතාවට දකින්නට අසන්නට ලැබෙන විට ජනතාවට තමන්ගේ ජිවිත නව ජීවන රටාවකට හුරු කර ගත හැකි වෙනවා. ඒ තත්ත්වයට ජනතාව හුරු කිරීම මෙහිදී අප බලාපොරොත්තු වෙනවා."
 
මෙම අවස්ථාවට සෞඛ්‍ය ලේකම් මේජර් ජනරාල් වෛද්‍ය සංජීව මුණසිංහ මහතා, වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය  එස්. ශ්‍රීධරන් මහතා, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (මහජන සෞඛ්‍ය සේවා II) වෛද්‍ය සුසී පෙරේරා මහත්මිය ඇතුලු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් රැසක් එක්ව සිටියහ.
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();