Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඇඳ මත පිලිස්සී මියගිය කතගේ මරණය ගැන පරීක්ෂණ තවදුරටත්

පුතා එන විටත් පිලිස්සී අවසන්

මාරවිල පොලිස් වසමට අයත් ඉහළ තෝඩුවාව ප්‍රදේශයේ අබිරහස් ලෙස පිලිස්සී මියගොස් සිටි කාන්තාවගේ මරණය සම්බන්ධව මාරවිල පොලීසිය මඟින් විමර්ශන කටයුතු සිදු කෙරේ.

මෙසේ මියගොස් ඇත්තේ තෙරේසා ජොහානා තමෙල් නමැති වයස අවුරුදු 74 ක වයෝවෘද්ධ කාන්තාවකි. පසුගියදා (21) සවස 4.30 ට පමණ මෙම මරණය සිදුව ඇති අතර, ඇය සිය නිවෙස තුළ නිදා සිටියදී සිරුරට ගිනි ගෙන තිබේ. මදුරු දැල් පිලිස්සී ගොස් ඇගේ සිරුරට ගිනිගෙන ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත. මදුරු දැල් එල්ලා ඇති ස්ථානයෙන් යම් හෙයකින් විදුලි කාන්දු වීමක් සිදු වූවාදැයි පොලීසිය සැක පළ කරයි.

සිය මව නිදා සිටි කාමරයේ දුමක් හට ගැනීම සම්බන්ධව සොයා බැලීමේදී මවගේ සිරුර පිලිස්සෙමින් තිබූ බවත් ගින්න නිවා දැමීමට කටයුතු කළත් ඒ වන විටත් ඇය මියගොස් සිටි බව එම නිවෙසේ ජීවත් වන ඇයගේ පුත්‍රයා වන දුමින්ද හේමන්ත යන අය පොලීසිය හමුවේ පැවසීය.

මාරවිල අතිරේක දිසා විනිසුරු හා මහෙස්ත්‍රාත් හේෂාන්ත ද මෙල් මහතා සිද්ධිය වූ ස්ථානයට පැමිණ මූලික මහෙස්ත්‍රාත් පරීක්ෂණ සිදු කර මළසිරුර පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා හලාවත මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන ලෙස නියෝග කළේය.

මිහිර විජේසේකර - මාරවිල සමූහ

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();