Ticker

6/recent/ticker-posts

Header Ads Widget

අගමැති ප්‍රධානත්වයෙන් ජාතික සමුද්‍ර සම්පත් සුරැකීමේ සතිය ඇරඹෙයි

 
සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ ප්‍රධානත්වයෙන් ගල්කිස්ස වෙරළ තීරයේදී පැවති අන්තර්ජාතික වෙරළ පවිත්‍රතා දිනය සහ ජාතික සමුද්‍ර සම්පත් සුරැකීමේ සතියේ සමාරම්භක උත්සවය සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (19) එක් විය.
 
අන්තර්ජාතික වෙරළ පවිත්‍රතා වැඩසටහනට සමගාමීව වෙරළ හා සාගර සම්පත් සුරැකීමේ සතිය සංකේතවත් කිරීම සඳහා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ ප්‍රධානත්වයෙන් "නිකසල සයුරක්- පිරිසිදු වෙරළක්" යන කාලෝචිත තේමාව යටතේ ස්වභාව සෞන්දර්යයෙන් අනූන ශ්‍රී ලංකාවක් තුළ ජාත්‍යන්තර වෙරළ පවිත්‍රතා වැඩසටහන අද දින ආරම්භ වුණි.
 
මෙහිදී ජගත් සාගර දිනයට සමඟාමීව පැවති පෝස්ටර් චිත්‍ර තරගාවලියේ ජයග්‍රාහක සිසු සිසුවියක් සඳහා ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා අතින් ත්‍යාග හා සහතික පත් ප්‍රදානය කිරීමක් හා සමුද්‍ර පරිසර සංරක්ෂණය සඳහා කැප වූ ආයතන ඇඟයීම සංකේතවත් කරමින් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියට අග්‍රාමාත්‍යතුමා අතින් සමරු තිළිණයක් ප්‍රදානය කළේය. 
 
අන්තර්ජාතික වෙරළ පවිත්‍රතා දිනය සහ ජාතික සමුද්‍ර සම්පත් සුරැකීමේ සතියට සමඟාමීව මුද්‍රණය කළ "නිකසල සයුරක්- පිරිසිදු වෙරළක්" යන සමරු ග්‍රන්ථය සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති, නීතීඥ දර්ශනී ලහඳපුර මහත්මිය විසින් ගරු අග්‍රාමාත්‍යතුමා වෙත පිළිගන්වන ලදී.
 
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය, සංචාරක අමාත්‍යංශය, ශ්‍රී ලංකා නාවික හමුදාව, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව යන ආයතන හා එක්ව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය විසින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබයි.
 
ශ්‍රී ලංකාවේ සම්පූර්ණ වෙරළ තීරය ආවරණය වන පරිදි වෙරළ පවිත්‍රතා වැඩසටහන් මාලාවක් මෙම සතිය පුරා සංවිධානය කර ඇති අතර ඒ යටතේ දිවයින වටා තෝරාගත් වෙරළ තීරයන්වල වෙරළ පවිත්‍රතා වැඩසටහන් 70ක් පමණ සිදු කිරීමට නියමිතය.
 
මෙම අවස්ථාව සඳහා පරිසර අමාත්‍ය මහින්ද අමරවීර, ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද, පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය සරත් වීරසේකර, නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා, යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුමන්ගල ඩයස් මහත්වරුන් හා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරී ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා ඇතුළු රාජ්‍ය ආයතන රැසක ප්‍රධානීන්, නිලධාරී මහත්ම මහත්මීන්, රාජ්‍ය නොවන ආයතන හා සංවිධානවල නියෝජිතයින්, දෙමාපියන්, දූ දරුවන් ඇතුළු ආරාධිත අමුත්තන් රැසක් එක්ව සිටියහ. 
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();