Ticker

6/recent/ticker-posts

Header Ads Widget

20 ගැන වමේ පක්ෂයක් වන ලංකා සම සමාජ පක්ෂය නිහඬයි.

ආචාර්්‍ය ඇන් ඇම් පෙරේරා කියු සැනින් බොහෝ අයට සිහිපත් වන්නේ ලංකා සමසමාජ පක්ෂයයි. ප්‍රබල වාමාංශික මත අතීතයේ සිට දැරූ පක්ෂයක් විදියට මේ වන විට ඉදිරිපත් වී ඇති 20 වන ශංශෝධනය පිළිබදව මෙතෙක් කිසිදු අදහසක් මාධ්‍යයට ප්‍රකාශ කිරීමට ලංකා සම සමාජ පක්ෂය ඉදිරිපත් වී නොමැත.

පසුගිය මැතිවරණයේදීද එම පක්ෂයට හිමි වූයේ ජාතික ලයිස්තු මන්ත්‍රි අසුන පමණක් වීම මෙයට බොහෝ සෙයින් බලපාන්නට ඇති බව අපට පෙනී යයි. මන්ද පසුගිය මැතිවරණයේදී දිස්ත්‍රික්ක තුනකින් පොදුජන පෙරමුණ යටතේ ඉදිිපත් වු අපේක්ෂකයන් තිදෙනාම පරාද වී හමාරය. ඒ නිසා තම අසුන රැකගෙන සිටීමට පමණක් මහාචාර්්‍ය තිස්ස විතාරණ සිතන්නේ නම් ලබන මැති වරණයේදී එයත් නැති වනු නොවනු මානය.

ලංකා සමසමාජ පක්ෂය විසින් මෑත කාලීනව කර ඇත්තේ නිතරම  ප්‍රධාන පක්ෂවලට මුක්කු ගැසීම යැයි කිව හොත් එය නිවැරැදිය. ඔවුන්ගේ වාමාංශික පාරේ සටනක් තනිව කර ගෙන යන ආකාරයක් අප මෑත කාලයේ දුවුවේම නැත. එමෙනම පක්ෂයේ තරුණයන් මෙන්ම නවකයන්ද ඉදිරියට එනු දුටුවේද නැත. හැමදාම දක්නට ඇත්තේ පැරණි මුහුණු පමණි. නිතරම  ප්‍රධාන පක්ෂවලට මුක්කු ගසමින් තම මතය නොබියව  ප්‍රකාශ නොකළ හොත් ඉදිරියේදී ප්‍රාදේශිය සභාවක මන්ත්‍රි අසුනක් හෝ දිනා ගැනීමට ලංකා සම සමාජ පක්ෂයට නොහැකි වනු ඇත.

…ගමගේ …

 

The post 20 ගැන වමේ පක්ෂයක් වන ලංකා සම සමාජ පක්ෂය නිහඬයි. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();