Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඉතිහාසයට ඇඟිලි දික්කරන්නේ නෑ.

” වසර 13 ක් කතාවක් පමණක් වූ LNG, 2023 දී විදුලි ජනනයට එකතු කරනවා … “

ඩලස් අලහප්පෙරුම

විදුලිබල අමාත්‍ය

2015 – 2019 වසර 05  ඇතුලත ජාතික විදුලිබල  පද්ධතියට එකතුවෙලා තිබෙන්නේ මෙගාවොට් 300 ක් පමණයි. නමුත් වසරකට විදුලි ඉල්ලුම 6% කින් වර්ධනය වෙනවා. ඒ අනුව ඉදිරියේදී රට මුහුණ දෙන ගැටළු වලක්වන්න බැහැ. ඇයි අපට එහෙම වෙලා තිබෙන්නේ?. විදුලි ජනනය වෙනුවෙන් ක්‍රියාත්මක කළයුතු ජනන සැලැස්ම ක්‍රියාත්මක නොකර, අපේ සමහර දේශපාලඥයින් හිතුවක්කාරකමින්, අත්තනෝමතිකව ක්‍රියාකරමින්, ඔවුන්ගේ පෞද්ගලික න්‍යායන් ආදේශ කරන්න යාම නිසයි එවැනි දෙයක් සිදුවුණේ. දූරදර්ශී නායකත්වයෙන් යුත් වර්ථමාන ආණ්ඩුවට එයට පිළියම් වශයෙන්  දියහැකි සාක්ෂිය තමයි, අපි හදන ජනන සැලැස්ම වෙනුවෙන් අපි පෙනී සිටිනවා කියන එක. අපි බලයට ආවේ ඉතිහාසයේ සිදුවූ අඩුපාඩු හොයලා ඉතිහාසයට ඇගිලි දික්කරන්න නෙමෙයි. අපෙන් වියයුතු යුතුකම් ඉෂ්ඨ කරනවද කියන කාරණය අපි තීන්දු කල යුතුයි” යැයි විදුලිබල අමාත්‍ය ඩලස් අලහ්පපෙරුම මහතා අවධාරණය කරයි.

අමාත්‍යවරයා මෙම අදහස් පලකළේ, පසුගියදා ලංකා විදුලි පුද්ගලික සමාගමේ නිරීක්ෂණයකට එක්වූ අවස්ථාවේදී පැවති සේවක හමුවකට එක්වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය අලහප්පෙරුම මහතා..,

” රටක් වශයෙන් ඇයි අපි විදුලි අර්බුධයකට යන්නේ?. ජනාධිපතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රකාරව වසර 2030 වනවිට හරිත හා පුනර්ජනනීය බලශක්ති දායකත්වය 70% දක්වා වර්ධනය කළයුතු වනවාසේම, මේ වනවිට 32% ක් වන ඩීසල් විදුලි දායකත්වය 5% දක්වා අවම කල යුතුයි. ඒ වෙනුවෙන්වන ජනන සැලසුම් ක්‍රියාත්මක කිරීමට තිබෙන බාධාවන් ඉවත්කල යුතුයි. විදුලි පවුලේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙක් හැටියට ලෙකෝ අයතනය අතිගරු ජනාධිපතිතමා ප්‍රමුඛ රජයේ  අරමුණු කරා ලඟාවීමට ශක්තියක් වේයැයි මම බලාපොරොත්තු වෙනවා. අපි මේ වනවිට පුනර්ජනනීය විදුලියියෙන් ලබාගන්න දායකත්වය මෙගාවොට් 900 ක් පමණයි. 2023 වනවිට මේ තත්ත්වය දෙගුණයකින් වැඩි කරන්න අපි බලාපොරෝතතු වෙනවා. විශේෂයෙන් අපි බලාපොරොත්තු වෙනවා මෙතෙක් විදුලි පාරිභෝගියන්, විදුලි නිෂ්පාදකයින් කිරීමේ සැලසුම් ඉදිරි අයවැය යෝජනා සමග දියත් කරන්න. ඒ තුළින් ඉදිරියේදි  බලශක්තිය තවදුරටත් අර්බුධයක් නොවන තත්ත්වයට අපි පත් කරනවා. මම කිසිමදාක දේශපාලන ඇහැකින් වෘත්තීය දෙස බලන කෙනෙක් නොවෙයි. ඒ නිසා ඔබලාගේ කුමන දේශපාලන මතවාදයක් තිබුණත් මට ඒක අදාළ නැහැ. අපි සාමුහිකව මේ ජයග්‍රාහී ඉලක්කය  වෙත රට ගෙනයාමයි වැදගත් වන්නේ.

විදුලිය කියන්නේ අත්‍යාවශ්‍ය යටිතල පහසුකමක් වුවත්, විදුලිය සපයන ආයතන ජනතාවට බරක් කියන මතය තමයි ජනගත වෙලා තිබෙන්නේ. නමුත් ලංකා විදුලි පුද්ගලික සමාගම ඒ ආකාරයෙන් පුරවැසියන්ට කිසිදු බරක් පටවන ආයතනයක් හැටියට මම දකින්නේ නැහැ. පාලක පක්ෂය වශයෙන් අපි අධිපතිවාදී වියයතු නැහැ. සෑම දේශපාලන මතවාදයකටම ඇහුම්කන් දියයුතුයි. ඒ තුළින් නිවැරදි මතවාද ක්‍රියාවට නැංවීමට කටයුතු කළ යුතුයි. ඒ න්‍යාය අනුව යමින් තමයි අතිගරු ජනාධිපතිතුමන් පසුගියදා විදුලියට සම්බන්ධ රාජ්‍ය මෙන්ම පෞද්ගලික සැම ආයතනයක්ම එකට රැස්කරලා විදුලියේ ඉදිරිය ගැන සාකච්ඡා කළේ. ඉතිහාසයේ පළමු වතාවට තමයි මෙවැනි දෙයක් සිදුවුණේ.

එල්.එන්.ජී. ගැන අපි කතා කරන්න පටන් ගත්තේ වසර 2007දී. නමුත් මේ වනතෙක් අපට පළමු බලාගාරයටවත් යන්න අපට පුළුවන් වුණේ නැහැ. වසර 13ක්ම ඒ ගැන කතා කළා පමණයි. ඒ වගේ අර්බුධකාරී වාතාවරණයකයි අපි සිටින්නේ. වසර 2023 වනවිට අපි බලාපොරොත්තු වෙනවා එකක් නොවෙයි, එල්එන්ජී බලාගාර 02 කට යන්න. ඒ තුළින් ජාතික විදුලිබල පද්ධතියට සැලකියයුතු  LNG දායකත්වයක් සපයන්න” යැයි පැවසීය.

මාධ්‍ය අංශය

විදුලිබල අමාත්‍යාංශය

The post ඉතිහාසයට ඇඟිලි දික්කරන්නේ නෑ. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();