Ticker

6/recent/ticker-posts

Header Ads Widget

විජයකලා ජනපති පරීක්ෂණ කොමිසම වෙතට

හිටපු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් මහත්මියට දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයාබැලීමේ ජනාධිපති පරීක්ෂණ කොමිසමට  පෙනී සිටින ලෙස දැනුම් දී ඇත.
 
අද (17) පෙරවරු 10.00 ට විජයකලා මහේෂ්වරන් මහත්මියට ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දැනුම්දී ඇති බව වාර්තා වෙයි 
 
රත්‍රං මංකොල්ලකෑමකට සම්බන්ධ එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකු චාවකච්චේරිය පොලිසියේ විශේෂ පොලිස් කණ්ඩායමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනීමට යාමේ දී ඔහු පොලිස් නිලධාරීන්ගෙන් මිදී මාංචු දමාගෙන පලාගොස් වැවකට පැන ඇත.
 
මේ සම්බන්ධ නඩු විභාගයේ දී අදාළ පුද්ගලයාගේ මරණය ස්වාභාවික මරණයක් බව මහේස්ත්‍රාත් අධිකරණය මගින් තීන්දු කර ඇත
 
මේ සිද්ධිය සම්බන්ධයෙන් යහපාලන ආණ්ඩුව පැවති සමයේ විජයකලා මහේෂ්වරන් මහත්මියගේ මැදිහත් වීම යටතේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් නැවත නඩු පවරා ඇති බව සඳහන් වේ.
 
එහිදි එය මිනීමැරුමක් බවට නියම කර අදාළ පොලිස් නිලධාරීන් වරදකරුවන් බවට පත් කර බන්ධනාගාර ගත කර ඇත.
 
 මෙයට විරුද්ධව  පොලිස් නිලධාරී මයුරන් ඥානලිංගම් නමැත්තාගේ බිරිඳ විසින් කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි.
 
එම පැමිණිල්ලට අදාළව හිටපු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් මහත්මිය වගඋත්තරකරුවෙකු ලෙස නම් කර අද දිනයේ ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙස මෙම කැඳවීම සිදුකර තිබේ.
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();