Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මීගමුවේ ෆේස්බුක් සාදයකදී 30ක් අත්අඩංගුවට

මීගමුව, කොච්චිකඩේ ප‍්‍රදේශයේ නීතිවිරෝධී ලෙස සංවිධාන කර තිබූ ෆේස්බුක් සාදයක් වටලා පුද්ගලයින් 30 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
 
කොච්චිකඩේ පොලිස් ස්ථානයට ලද තොරතුරකට අනුව සිදු කළ වැටලීමකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.
 
නිරෝධායන නීති උල්ලංඝණය වන අයුරින් පැවති එම සාදයට අවුරුදු 18 ත් 25 ත් අතර තරුණ - තරුණියන් 153 දෙනෙකු සහභාගී වී සිටි බව සදහන් වේ. 
 
ඒ අතරින් අනන්‍යතාවය තහවුරු කරගත නොහැකි වූ පුද්ගලයින් 30 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අතරින් පුද්ගලයින් පස් දෙනෙකු සතුව තිබී ගංජා, විදේශීය දුම්වැටි සහ මත්පැන් සොයාගෙන තිබේ.
 
අනන්‍යතාවය තහවුරු කරගත හැකි වූ අනෙක් පිරිස තරයේ අවවාද කර මුදා හැරි බව කොච්චිකඩේ පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();