Ticker

6/recent/ticker-posts

Header Ads Widget

වන්නි දිස්ත්‍රික්කයේ ජය ITAK පක්ෂයට

වන්නි දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලයට අනුව ජය තහවුරු කර ගැනීමට ඉලංගෙයි තමිල් අරසු පක්ෂය සමත්විය.

ඒ ඡන්ද 69916ක් ලබා ගනිමින්.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වන්නි දිස්ත්‍රික්කයේ ඡන්ද 42524ක් ලබාගත්තේය.

සමගි ජන බලවේගයට හිමිවූ ඡන්ද සංඛ්‍යාව 37883ක්’ ඊළාම් මහජන ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට වන්නි දිස්ත්‍රික්කයෙන් ඡන්ද 11310ක් ලැබී තිබේ.

වන්නි දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව 268034ක්.

ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව 224856ක් වන අතර ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 17019ක්.

වලංගු ඡන්ද සංඛ්‍යාව 207837ක්.

වන්නි දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද අනුව ඉලංකෙයි තමිල් අරසු පක්ෂය ඡන්ද 4308ක් ලබාගත්තේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද 2771ක් ලබාගෙන ඇති අතර සමගි ජන බලවේගයට වන්නි දිස්ත්‍රික්කයෙන් ලැබී ඇති තැපැල් ඡන්ද සංඛ්‍යාව 1811ක්.

වන්නි දිස්ත්‍රික්කයේ අවතැන් ඡන්ද ප්‍රතිඵල ද නිකුත් කෙරිණ.

සමගි ජන බලවේගය එහිදී ඡන්ද 4193ක් ලබාගෙන ඇති අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද 700ක් ලබාගත්තේය.

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();