
ජාතික ජන බලවේගය යටතේ මාතර දිස්ත්‍රික්කය නියෝජනය කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි සුනිල් හදුන්නෙත්ති හට ජාතික ජන බලවේගයේ ජාතික ලයිස්තු මන්ත්‍රි දූරය ලබා දිය යුතු බවට රට තුළ මතයක් නිර්මානය වෙමින් පවතී.
ජනතා විමුක්ති පෙරමුණේ බිම් මට්ටමේ සිට ප්‍රබලම සමාජිකයා දක්වා මෙන්ම පක්ෂ බේදයකින් තොරව රටේ ජනතාවගේද බහුතර මතය බවට මෙය පත්ව ඇත. මාතර දිස්ත්‍රික්කයේ ජන සංඛ්‍යාව අනුව මෙවර මන්ත්‍රි ආසනයක් අඩු වීම තුල ඔහුට මෙම තත්වයට මුහුණ දීමට සිදුවූ බව බහුතරයගේ මතය වී ඇත. එහෙත් ඔහු ආසනයක් දිනා ගැනීම සදහා අවශ්‍ය ඡන්ද සංඛයාව ආසන්නයට පැමිණ තිබිණි.
බැදුම්කර වංචාව හෙළිකිරීම තුලින් මෙන්ම ආණ්ඩුවල සිදුවන වංචා දුෂණ එළි කිරීම සදහා දැඩ් උනන්දුවකින් කටයුතු කිරීම පක්ෂ බේදයකින් තොරව මෙම මතය රටතුල ගොඩනැගීමට හේතු වී ඇත.
The post හදුන්නෙත්ති පාර්ලිමේන්තුවට. appeared first on Lanka News Column.

0 Comments