
මරණීය දණ්ඩනය නියම වී සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනට සම්බන්ධ ගිනිඅවි සිදුවීමකදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර සමඟ එක්ව ව්‍යාජ සාක්ෂි සකස් කළේය යන චෝදනාව මත මෙන්ඩිස් නමැති උප පොලිස් පරීක්ෂකවරයකු ඊයේ (04) අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කරන ලදී.
මොහොමඩ් ෂියාම් නම් ව්‍යාපාරිකයකු කප්පම් ගැනීම සඳහා පැහැරගෙන ගොස් ඝාතනය කිරීම සම්බන්ධයෙන් වාස් ගුණවර්ධන වැරදිකරු වී මරණීය දණ්ඩනය නියම වී සිටින අතර එම නඩු තීන්දුවට එරෙහිව ඔහු ඉදිරිපත් කළ අභියාචනය තවත් මාස දෙකකින් විභාගයට ගැනීමට නියමිතය. මෙම ඝාතනය සම්බන්ධ විමර්ශනය මෙහෙයවූයේ ශානි අබේසේකර විසිනි.
එවන් තත්වයක් තුළ වාස් ගුණවර්ධනටම සම්බන්ධ, 2014 වසරේ සිදුවූ කළගෙඩිහේන ප්‍රදේශයෙන් ගිනිඅවි සොයාගැනීමේ සිද්ධියකට අදාළව ව්‍යාජ සාක්ෂි නිර්මාණය කළේයැයි පොලිස්පතිවරයාගේ උපදෙස් මත අංක බී. 1536/2020 යටතේ ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර 2020 ජුලි 31 වනදා ශානි අබේසේකර අත් අඩංගුවට ගත් අතර ඔහුට සහාය දුන්නේයැයි චෝදනා කරමින් උප පොලිස් පරීක්ෂකවරයකු අත් අඩංගුවට ගත්තේ ඊයේ දිනයේදීය.
The post වාස් ගුණවර්ධනට එරෙහිව ශානි අබේසේකර ව්‍යාජ සාක්ෂි සකස් කළේද? appeared first on Lanka News Column.

0 Comments