Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පොදුජන පෙරමුණ හම්බන්තොටත් ජය ගනී

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ද සමස්ත ප්‍රතිඵලය මේවන විට ප්‍රකාශයට පත්වී තිබේ.

එම දිස්ත්‍රික්කයේ ජය හිමිකර ගත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණයි.

ඔවුන් ලබාගත් ඡන්ද සංඛ්‍යාව 280881ක්.

සමගි ජන බලවේගය හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ඡන්ද 51758ක් ලබාගත්තේය.

ජාතික ජන බලවේගය ඡන්ද 31362ක් ලබාගත් අතර එක්සත් ජාතික පක්ෂය හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ලබාගෙන ඇති ඡන්ද සංඛ්‍යාව 5017ක්.

දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව 472718ක්.

හම්බන්තොටදිස්ත්‍රික්කයේ ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව 392988ක්.

ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 18971ක් වන අතර වලංගු ඡන්ද සංඛ්‍යාව 374017ක්.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්දවලින් ද මුල්තැනට පැමිණියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණයි.

ඔවුන් ලබාගත් ඡන්ද සංඛ්‍යාව 14212ක්.

ජාතික ජන බලවේගය ඡන්ද 2359ක් ලබාගත්තේය.

සමගි ජන බලවේගය ඡන්ද 1877ක් ලබාගත් අතර එක්සත් ජාතික පක්ෂය ලබාගෙන ඇත්තේ ඡන්ද 350ක් පමණයි.

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();