මුරිසි දූපත අසල මුහුදේ තෙල් කාන්දුවකට ලක් වී තිබෙන නෞකාවකින් මුහුදට එක්වන තෙල් ඉවත් කිරීමට එරට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ ජනතාව මහත් කැපවීමකින් දායක වී ඇතැයි වාර්තා සඳහන් කරයි. ඉන්දියන් සාගරයේ පිහිටි මේ දූපත අසල කොරල් පරයක ගැටී ඉන්ධන ටොන් 4,000ක් රැගෙන යමින් සිටි එම්වී වකෂියෝ නම් ජපන් නෞකාවක් අනතුරට ලක් වීමෙන් ජූලි 25 වැනිදා මේ තෙල් තොගය මුහුදට මුසු වී ඇත. ඉවත ගොස් ඇති ඛනිජ තෙල් උරාගැනිම සඳහා පිදුරු පිරවූ රෙදි මලු බාධකයක් ලෙස යොදාගෙන විසිරී ඇති තෙල් ඉවත් කිරීමට එරට වැසියෝ උත්සාහ දරති. ලොව විශිෂ්ටතම කොරල් පරවලින් සමන්විත මුරුසියේ ප්‍රධාන ආදායම් මාර්ගයක් වී ඇත්තේ ඒ ආශ්‍රිත සංචාරක කර්මාන්තයයි
0 Comments