Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මැදිරිගිරිය සිරිමාවෝ බණ්ඩාරනායක ප්‍රාථමික විද්‍යාලයට ජංගම පුස්තකාලයක්

 
ශිෂ්‍යාවක කළ ඉල්ලීම ඉටු කරමින් මැදිරිගිරිය සිරිමාවෝ බණ්ඩාරනායක ප්‍රාථමික විද්‍යාලයට ජංගම පුස්තකාලයක් පරිත්‍යාග කිරීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් අද (03) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු කෙරිණි.
 
පුස්තකාලය නිමවා ඇත්තේ තට්ටු දෙකේ පැරණි බස් රථයක් අලුත්වැඩියා කොට යෝග්‍ය පරදි සකස් කිරීමෙනි.
 
විද්‍යාලය ආරම්භ කොට වසර පහක් ගත වී ඇතත් මේ දක්වා පුස්තකාලයක් නොතිබිණි. සිසුන් 430ක් පමණ ඉගෙනුම ලබන විද්‍යාලයට පුස්තකාලයක් ලබා ගැනීම සඳහා වසර කීපයක් තිස්සේ ඉල්ලීම් කරනු ලැබීය.
පසුගිය ජූලි පස් වැනිදා ජනාධිපතිවරයා මැදිරිගිරියේ කළ සංචාරයේ දී විද්‍යාලයේ 3 වසරේ ඉගෙනුම ලබන විනුරි දහම්සා දියණිය පාසලට පුස්තකාලයක් ලබා දෙන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියාය.
 
ජනාධිපති නියමය අනුව ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති නීතිඥ කිංස්ලි රණවක මහතාගේ මැදිහත්වීමෙන් මහරගම ඩිපෝව යකඩ සඳහා වෙන්දේසි කිරීමට තිබූ තට්ටු දෙකේ බස් රථයක් කාර්ය මණ්ඩලය විසින් ජංගම පුස්තකාලයකට ගැලපෙන අයුරින් අලුත්වැඩියා කරනු ලැබීය.
 
පුස්තකාලයට අවශ්‍ය පොත් සපයා ගැනීමට දෙරණ මාධ්‍ය ජාලයේ සභාපති දිලිත් ජයවීර මහතා සහ මහරගම ඩිපෝවේ කාර්ය මණ්ඩලය අනුග්‍රහය දක්වා ඇත .
 
පුස්තකාලය පරිත්‍යාග කිරීමේ අවස්ථාවට ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක, විදුහල්පති චමින්ද ප්‍රියශාන්ත යන මහත්වරු සහ විනුරි දහම්සා දියණිය ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();