කොවිඩ් - 19 ආසාදිත වී ප්‍රතිකාර ලබමින් සිටි 16 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගිය බව සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කරයි.
ජාතික බෝනොවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබමින් සිටි පස් දෙනෙකු ද වැලිකන්ද සහ මිනුවන්ගොඩ මූලික රෝහල්වලින් දස දෙනෙකු සහ ඉරණවිල රෝහලෙන් එක් අයෙකු ද සුවය ලබා පිටව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර ඇත
ඒ අනුව, මෙරට සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 2638 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.
තවත් රෝගීන් 231දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල්වල ප්‍රතිකාර ලබන බව ද වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.
0 Comments