Ticker

6/recent/ticker-posts

Header Ads Widget

නාකොටික් නිලධාරීන් 13 දෙනා යළි රිමාන්ඩ්

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ සම්බන්ධතා පැවැත්වූ චෝදනාවට අත්අඩංගුවට ගත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් 13 දෙනා යළිත් රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය තීරණය කළාය.
 
ඒ අනුව ලබන 18 වනදා දක්වා මෙම පිරිස බන්ධනාගාර ගතකෙරෙනු ඇත.
 
පැමිණිල්ල අද(04) කැඳවූ අවස්ථාවේදී බන්ධනාගාර නිළධාරීන් අධිකරණටය කරුණු දක්වමින් ප්‍රකාශ කළේ අඟුණුකොලපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටින සැකකරුවන්, කොවිඩ් වෛරසයේ අවදානම හේතුවෙන් අධිකරණය වෙත ඉදිරිපත් නොකරන බවයි.
 
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා, මත්කුඩු ජාවාරම්කරුවන් සමග සැකකාර නාකොටික් නිළධාරීන් සම්බන්ධ වී ඇති ආකරය දැක්වෙන සාක්ෂි සම්පිණ්ඩන ඇතුළත් වාර්තාවක් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව ඉදිරිපත් කළේය.
 
සැකකරුවන් වෙනුවෙන් ඉදිරිපත්ව තිබූ ඇප ඉල්ලීම ද ප්‍රතික්ෂේප කරමින් මෙම නඩුව ලබන 18 වැනිදා දක්වා කල් තැබීම මහේස්ත්‍රාත්වරිය තීරණය කළාය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();