Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කොදෙව් පන්දු යවන්නකුගෙන් වසර 26කට පසු වාර්තාවක්

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ ඕල්ඩ් ට්‍රැෆර්ඩ් පිටියේදී පැවැත්වෙන තෙවැනි සහ අවසන් ටෙස්ට් තරගයේ පළමු ඉනිම සඳහා ලකුණු 369ක් රැස් කිරීමට සත්කාරක එංගලන්ත කණ්ඩායම සමත් වූ අතර, එහිදී කොදෙව් පිල වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරතවූ කෙමර් රෝච් කඩුලු 4ක් දවා ගනිමින් ටෙස්ට් කඩුලු 200 සීමාව පසු කළේය. ඒ සමගම ඔහු වසර 26කට පසු ටෙස්ට් කඩුලු 200ක සීමාව පසු කළ පළමු කොදෙව් පන්දු යවන්නා බවට පත් විය.මේ සීමාව ඉක්මවා ගිය 9 වැනි කොදෙව් ක්‍රීඩකයා ලෙසත් ඔහු වාර්තා අතරට එක් විය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බටහිර ඉන්දීය කොදෙව් පිල ඊයේ ලකුණු 197කට දැවී ගියේ එංගලන්තයට ලකුණු 172ක් පසුපසින් සිටියදීය.

ප්‍රබල පිතිකරුවන් සියල්ල ක්‍රීඩාගාරයේ අසුන් ගනිද්දී, නායක ජේසන් හෝල්ඩර් ලකුණු 46ක් රැස් කරමින් ඉනිමේ වැඩිම ලකුණුලාභියා විය. ෂේන් ඩෝරිච් ලකුණු 37ක් රැස් කළ අතර, දෙදෙනා එක්ව 7 වැනි කඩුල්ලට ගොඩනැගූ සබඳතාව ලකුණු 68කි.

පන්දු යැවීමේදී ස්ටුවර්ට් බ්‍රෝඩ් කඩුලු 6ක් බිඳ දැමීමට සමත් විය.

පළමුව පන්දුවට පහර දුන් එංගලන්තය වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් දියත් කළ ඔලී පොපේ පන්දු 150කින් ලකුණු 91ක් රැස් කළේ හතරේ පහර 11කින් ඉනිම වර්ණවත් කර ගනිමිනි. ජොස් බට්ලර් ලකුණු 67ක්, ස්ටුවර්ට් බ්‍රෝඩ් ලකුණු 62ක් සහ ජෝ බර්න්ස් ලකුණු 57ක් ඉනිමට එක් කළහ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();